අද ඇරඹීමට ගිය වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි !

0
850

සටහන – රුවන් නෙළුගොල්ල

අද (25) පෙරවරු 08.00 සිට ආරම්භ කෙරෙන බව නිවේදනය කර තිබුණු දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ, ඊයේ (24) රාත්‍රියේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවති පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අලුයම නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.