රනිල්ගේ නිදහස වෙනුවෙන් එරික් සෝල්හයිම්ගෙනුත් පණිවිඩයක්!

Date:

කොළඹ LNW: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය අප්‍රසාදය පළකරමින් ප්‍රකට ගෝලීය පරිසරවේදියෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන එරික් සොල්හයිම් මහතා සිය එක්ස් ගිණුමේ පණිවිඩයක් තබා තිබේ.

2022 දී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ රට ආරක්ෂා අකර ගැනීම වෙනුවෙන් ඔහුගේ නායකත්වයට සෝල්හයිම් මහතා ප්‍රශංසාව පළකර තිබෙන අතර ඔහුට එරෙහි චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බවයි එහි දක්වා ඇත්තේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාව නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ රටවල නායකයින් සමඟ තමන්ද පෙළගැසී සිටින බව සෝල්හයිම් මහතා කියාසිටියි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ගෙනයන දූෂණ විරෝධී වැඩපිළිවෙලට සහාය දැක්වීම තහවුරු කරන අතරම, “කරුණාකර සැබෑ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන්න,” යනුවෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ අවධානය යොමුකරවන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විහස්ගෙන් විසල් දස්කමක්

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: මේ දිනවල පැවත්වෙන අවුරුදු 23...

යුක්රේන නිදහස් දිනයට ජනපති අනුරගෙන් සුභාශිංසන!

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): යුක්රේන නිදහස් දිනය නිමිත්තෙන්...