නයාට ගහල පොල්ල වරද්ද ගන්න එපා. ඉතුරු නඩු ටිකත් ඔහොම්මම ගේන්න!

Date:

කොළඹ LNW: නයාට ගහල පොල්ල වරද්ද ගන්නේ නැතුව රනිල් වික්‍රමසිංහට එරෙහි ඉතුරු නඩු ටිකත් සූදානම් කරගන්නා ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බව පෙරටුගාමී සමජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ සම්බන්ධ සිදුවීම හරහා රනිල්ට එරෙහි වූවන් පවා ඉදිරියේදී ඔවුන් හමුවේ පවතින තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කිඹුල් කඳුළු සලමින් ඔවුනොවුන් අතර ඇතිකරගන්නා එකඟතාව නිවැරදිව දකින ලෙස ආණ්ඩුවට පවසන බවද නාගමුව මහතා කියාසිටියි.

”දැන් මේ සිදුවීමෙන් ඉතුරු හොරු ඔක්කොම බයවෙලා ඉන්නේ. රනිල්ට මේක වුණා නම් අපිට මේක නොවෙන දෙයක් නෙවෙයි කියල ඉතුරු හොරු ටික දන්නවා. අපි ලඟටත් මේක කැරකෙනවා කියල දැනගන්නවා. ඒ නිසා ඉතුරු හොරු ඔක්කොම බය වුණාට පස්සේ ඒ බය විසින් හදන ඉමොෂනල් බොන්ඩ් එක, බය විසින් හදන හැඟීමය එකඟතාවය පේන්න තියෙන්නේ. ඒක දේශපාලනය අභිබවා ගිහිල්ලා දේශපාලනයේ ප්‍රධාන සාධකයක් බවට පත්වෙනවා ඉදිරි කාලයේදී. මේ අර්බුදයත් එක්ක ඇවිත් තිබෙන සන්ධානය අපිට පේනවා ඒක හැදෙන විදිහ. රනිල්ට හොරා හොර කියපු කට්ටිය රනිල් ගැන කඳුළු සලන හැටි අපිට පේනවා. මේ සන්ධානය හැදෙන එක අපි ආණ්ඩුවට කියනවා දකින්න කියල. ඊළඟ දවසේ ඔහුට ඇප නොදී ඉතුරු නඩු ටිකත් ලෑස්ති කරගන්න කියල අපි ආණ්ඩුවට කියනවා. එහෙම නොවුණොත් නයාට ගහල පොල්ල වරද්දගත්තා වගේ වැඩක් කරගන්න හදන්නේ කියන එකත් මතක් කරනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රු. ලක්ෂ 10ක්

කොළඹ LNW:අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම්...

ශ්‍රී ලංකාව ආශ්‍රිත “දිට්වා” සුළිකුණාටුව පිලිබඳ රතු අනතුරු ඇඟවීම් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවර ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු...