විහස්ගෙන් විසල් දස්කමක්

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW:

මේ දිනවල පැවත්වෙන අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේදී කොළඹ ද්‍රවිඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරන විහස් තෙව්මික විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 122 ට කඩුලු 9 ක් දවා ගැනීමට සමත් වෙනවා.
තවමත් 19 හැවිරිදි විහස් අවුරුදු 19 න් පහළ හ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දරපු සහ මෙවර කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය පැවත් වූ ඇගයීමේ උළෙලේදී දක්ෂතම පාසල් ක්‍රීඩකයා ලෙස ඇගයීම් ලද ක්‍රීඩකයාද වෙනවා.
විහස් මේ දක්ෂතාවය දක්වන්නේ කොළඹ එස්එස්සී කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී යි.මේ කණ්ඩායම් දෙක ගැනම මෙවර තරගාවලියේ දී විශාල අවධානයක් යොමුව තිබෙනවා.ඒ කණ්ඩායම් දෙක නියෝජනය කරන පීතෘ දායාදයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයන් දෙපළක් නිසයි.ඒ එස්එස්සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන සනත් ජයසූරියගේ පුත්‍රයා වන රනුක් ජයසූරිය සහ ද්‍රවිඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරන මුත්තයියා මුරලිදරන්ගේ පුත්‍රයා වන නරේන් මුරලිදරන් නිසයි.

එහෙත් ඒ අවධානය සපුරා තමන් වෙත නතු කර ගනිමින් මේ දකුණත් පිට දඟ පන්දු යවන්නා රනුක් ජයසූරියගේ කඩුල්ල ද සමග ද්‍රවිඩ ක්‍රීඩා සමාජය වෙනුවෙන් කඩුලු 9 ක් තමන් නතු කර ගැනීම කැපී පෙණුනා.
රනුක්ගේ සහ නරේන්ගේ පිංතූර සොයමින් සිටි පිරිසට ඔවුන් දෙදෙනාම සිටින පිටියේදී වෙනත් විශිෂ්ඨයෙකු ආවරණය කරන්න ට සැළස් වූ විහස් කඩුලු 9 ක් ලබා ගත්තද ද්‍රවිඩ ක්‍රීඩා සමාජයේ පිතිකරුවන් පළමු ඉණිමේ දී ලකුණු 192 ට දැවී යාමෙන් පසුව එස්එස්සී ක්‍රීඩා සමාජය විහස්ගේ තර්ජනය මැද්දෙන් සිය ඉණිම ලකුණු 344 ක් දක්වා ඉදරියට ගෙන ගොස් පළමු ඉණිමේ ඉදිරියෙන් සිටීමට අවස්ථාව උදා කර ගත්තා.
මෙවර තරගාවලියේ විහස් ඉදිරිපත් වූ තෙවන තරගය මෙය වූ අතර එහිදී කඩුලු 9 ක් දවා ගනිමින් මේ දක්වා තරගාවලියේදී කඩුලු 11 ක් දවා ගන්නට සමත්ව සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන...

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...