අපගේ පරමාර්ථය සමස්ථ දරු පරපුරටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන එක : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW:

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා විදුහල්පති සහ ගුරු සංගම් සමඟ  පවත්වන ලද විශේෂ සාකච්ඡාවක්  අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණි. මෙහි දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විදුහල්පති සහ ගුරු සංගම් වෙත ඇති ගැටලු  සහ  නව ප්‍රතිසංස්කරණවල විෂය මොඩියුල සම්බන්ධව  දීර්ඝව සාකච්ඡා වූ බව රජයේ නිල වෙබ් අඩවිය පවසයි.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යශය, ජාතික අධ්‍යාපන  ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම ඇතුළු ආයතන අතර පැවතිය යුතු අනෙයෝන්‍ය සම්බන්ධතාවයේ වැදගත්කම සහ ඒ තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුවන සංවර්ධනය සම්බන්ධව අවධාරණය කර ඇත.

” මේ අධ්‍යාපන ක්‍රමය තුළින් පවතින විෂමතාවය  වෙනස් කිරිම අපට තිබෙන ප්‍රධාන අරමුණක්. ඒ අනුව දරුවන් පිරිසක් නොවෙයි සියලූම දරුවන්ට අපේ අධ්‍යාපන ක්‍රමය තුළ පිළිගත හැකි තැනකට එන්න පුලුවන්  අධ්‍යාපන ක්‍රමයක් හදන එක  අපේ මූලික ම පරමාර්ථයයි. “  යනුවෙන් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් කියා සිට ඇති අතර, තව ද මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වන විදුහල්පති සහ ගුරු සංගම්හි අදහස් හා යෝජනා ඉතාම වැදගත් වන බවත් ඉදිරියේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් සියලු ගුරුවරුන් සමඟ සාකච්ඡා කිරීම වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයනා අධිකරණයට එයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු...

රනිල් වික්‍රමසිංහට ‘දැඩි විවේකයක් අවශ්‍ය යි’: උසාවි යන්න පුළුවන් ද? ඇප ලබා ගත හැකි ද?.

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති...

ආන්දෝලනාත්මක යාපනයේ විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති...

අගමැතිනිය ඇතුළු ඇමතිවරු 45ක් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්...