සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්, ඔවුන්ගේ අලගිය මුලගිය තැන්, සැමරුම්, ඉන්ටර්විව්ස්, රතු පලසෙහි ඇස් ගිය තැන්, උපන්දිනයන්.. එකී මෙකී නොකී දෑ දැන ගැනීමට හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!
සටහන – පුලී
අගෝස්තු 25, කොළඹ (LNW): මුම්බායි හි පැවති තරු පිරුණු උත්සවයකදී බොලිවුඩයෙහි කින්ග් ඛාන් ආඩම්බර පියෙකුගේ ලීලාවෙන් දකින්නට හැකි වීම මේ දිනවල කාගේත් අවධානයට ලක් වූ කරුණක් බවට පත් වූ අතර, ඔහුගේ පුත් ආර්යන් ඛාන් ඔහු අධ්‍යක්ෂණය කළ “The Ba**ds of Bollywood” චිත්‍රපටයේ මංගල දර්ශනය එළිදැක්වීය.
එම සන්ධ්‍යාව චිත්තවේගීය අවස්ථා, වටිනා අදහස් හුවමාරු කිරීම් සහ හද උණුසුම් කරවන පිය-පුතු මිත්‍රත්වය ඔප් නැංවෙන අවස්ථාවක් ද සනිටුහන් කරන ලදී. එය ඛාන් පවුලට සහ චිත්‍රපට කර්මාන්තයට අමතක නොවන සන්ධිස්ථානයක් විය.
ආර්යන්ට වේදිකාවට ආරාධනා කරමින්, දශක තුනකට වැඩි කාලයක් ප්‍රේක්ෂකයින්ගේ හද බැඳි තරුව වන ෂාරුක් රටට සහ ජනතාවට ඒ වෙනුවෙන් සිය කෘතඥතාව පළ කිරීමට ද අමතක නොකළේ ය.


තම පුත්‍ර රත්නය චිත්‍රපට කර්මාන්තයට තැබූ පළමු විශාල පියවර සනිටුහන් කළ බැවින්, ඔහු එම දිනය විශේෂ දිනයක් ලෙස හැඳින්වූ අතර, ආර්යන් හොඳ පිරිමි ළමයෙකු ලෙස ද ඔහු වර්ණනා කළේ පිය-පුතු සෙනෙහස උලුප්පා පෙන්වමිනි.
වේදිකාවේදී පළමු වරට ප්‍රේක්ෂකයින් ඇමතීම ගැන තමා අතිශයින් නොසන්සුන් වූ බව ආර්යන් එහි දී පිළිගත් අතර දින දෙකක් සහ රාත්‍රී තුනක් තිස්සේ තම කතාව අඛණ්ඩව පුහුණුවීම් කළ බවත් ඔහු එහිදී බෙදා ගත්තේය.
කරන දේවල් වැරදුනහොත් තවමත් ඔහුට සැමවිටම මැදිහත් කර ගැනීමට තම පියා වන ෂාරුක් ඛාන් සිටින ඒ විශ්වාසය තිබෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.