ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් අධිකරණ නියෝගයක්!

Date:

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ත්‍රස්ත විරෝධී නීතිය යටතේ එල්ල කළ චෝදනා මත අත්අඩංගුවට ගැනීම වළකාලමින් එරට අධිකරණයක් විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් 01 වන දින තෙක් උක්ත චෝදනා මත ඉම්රාන් ඛාන් හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට එරට පොලීසියට නොහැකි වනු ඇත.

හිටපු පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් පහ කිරීමෙන් අනතුරුව පැවැත්වූ කතාවක් හරහා වෛරී ප්‍රකාශ සිදුකර ඇති බවත්, එම කතාව හරහා පොලීසිය සහ අධිකරණයට තර්ජනය කර ඇති බවත් වාර්තා විය.

මෙමඟින් ත්‍රස්ත ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉම්රාන් ඛාන් හිටපු පකිස්තාන අග්‍රාමාත්‍යවරයාට චෝදනා ගොනුවිය.
ඛාන් ට සහාය දක්වන පකිස්තානුවන් අධිකරණ පරිශ්‍රයෙන් පිටත මෙන්ම පොදු ස්ථාන වල විශාල වශයෙන් එක්රැස්වී හිටපු අග්‍රාමාත්‍යවරයාට සහාය පළකරන අතර, තමා ධුරයෙන් පහකරනු ලැබුවේ එක්සත් ජනපදයේ පිටුබලය ලැදි කුමන්ත්‍රණයක ප්‍රතිඵල නිසා බවට ඛාන් විසින් ගොනුකරන චෝදනාවට සහාය පළකරනවුන් මෙසේ වීදි බැස ඇත.

පාකිස්තානයේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය විසින් හිටපු අග්‍රාමාත්‍යවරයාට පැනවූ තහනමක් පවා නොතකමින් ඔහු මෙසේ සජීවී වේදිකාවක තර්ජනාත්මක කතාවක් කර ඇති අතර, එය විකාශය කිරීමෙන් පසු රට තුළ යූටියුබ් ඇතුළු අන්තර්ජාල සේවා වෙත ප්‍රවේශ වීම පවා අවහිර කර තිබිණි.

ඉම්රාන් ඛාන් හිටපු පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉකුත් අප්‍රේල් මස බලයෙන් පහකරනු ලැබුවේ විශ්වාසභංගයක් ගෙන ඒම හරහා වන අතර, යළි බලයට පැමිණීමට ඔහු දරන ප්‍රයද්නය හමුවේ රට පුරා විශාල ජන සහභාගීත්වයකින් පවත්වන රැළි දක්නට ලැබේ.

ඛාන් ට ගොනුවී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු ඉකුත් දිනක මාධ්‍ය වෙත පවසා තිබුණේ තමා කිසිවකුට තර්ජනය නොකළ බවත්, තමාට එරෙහිව ගොනුකර ඇති ත්‍රස්තවාදී චෝදනා දේශපාලනික පලිගැනීමක් මත සිදුකර ඇති දෙයක් බවත් ය. එමෙන්ම වත්මන් අගමැති ෂෙහ්බාස් ෂාරිෆ් ප්‍රමුඛ රජය තමාගේ ජනප්‍රියත්වය දිනෙන් දින වර්ධනය වනු දැකීමට බිය බව ද හෙතෙම මාධ්‍ය වෙත පවසා තිබිණි.

උක්ත අධිකරණ නියෝගයට අමතරව, ඉම්රාන් ඛාන් තවත් අධිකරණයක් හමුවේ පෙනී සිටි අතර, ඒ ඉස්ලාමාබාද් හි රැස්වීම් පැවැත්වීම තහනම් කරමින් අධිකරණය පනවා තිබූ නියෝගයක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ය. මීට අදාළව හිටපු පකිස්තාන අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකර තිබූ අතර, එම නඩුවෙන් ද ඔහු අත්අඩංගුවට ගැනීමට සැප්තැම්බර් 07 වන දින දක්වා කල් දැමීම සිදුවිය

සබැඳි ලිපි:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...