*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ධීවර ගැටලු පිළිබඳව විපක්ෂ නායකයාගේ අවධානය (Video)

ඉන්ධන ගැටලුව, බඩුමිල ඉහළ යාම ඇතුළු අර්බුද ගණනාවකින් පීඩා විඳිමින් සිටින ධීවර ජනතාවගේ ගැටලු පිළිබඳව විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කළුතර ධීවර ගම්මානවල සංචාරයක නිරත විය.

ධීවර ජනතාව තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව විපක්ෂ නායකයා දැනුවත් කළ අතර රටේ වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් හා ඊට වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා එහිදී අදහස් දැක්වීය.

පසුගිය 2019 ජනාධිපතිවරණයේදී මානව හිතවාදීත්වය තෝරා ගැනීම වෙනුවට ව්‍යාජ ශූරත්වයට රැවටී ජනතාව ඡන්දය ලබාදුන් බවත්, වසර දෙකක් ගතවීමටත් පෙර තමන් ගත් තීරණය වැරදි බව තේරුම් ගත් බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. එහෙත් ඒ වනවිටත් රට සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත්, රට ගොඩගත නොහැකි මට්ටමට අගාධයට ගොස් ඇති බවත් ඔහු ප්‍රකාශ කරනවා.

බහුතර ජනතාව පාරට බැස, ජනතා ප්‍රශ්න ගැන අවබෝධයක් සහිත පාලනයක් ඉල්ලා සිටින නමුත් වත්මන් පාලකයන් එවැනි පාලනයක් ලබාදීමට කිසිසේත්ම සූදානම් නොමැති බවද විපක්ෂ නායකයා පවසනවා.

රාජපක්ෂ පවුල ජාති, ආගම් ලෙස ජනතාව භේදභින්න කර විදෙස් රටවල උගස් කර ඉන් නොනැවතී පුතුන් හා මුණුපුරන් ඉදිරියට දමා රට සින්ක්කරවම රාජපක්ෂ පරම්පරාවට ලියා ගැනීමට උත්සාහ දරමින් සිටින බව පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ඊට සාක්ෂියට අත්සන් කළ බවයි.

මේ එළඹ ඇත්තේ ව්‍යාජ වීරත්වයට වඩා මනුෂ්‍යත්වය මානව හිතවාදීත්වය තෝරා ගැනීම කාලය බවත් ඒ සඳහා යැපුම් මානසිකත්වයෙන් ඉවත් වූ සෑම දෙනාම රජ කරවන පාලනයක් තෝරා ගත යුතු බවත් පවසන විපක්ෂ නායකයා ඒ සඳහා තමන් ඇතුළු පිරිස සුදානම් බව අවධාරණය කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan