ලංගම දුවන්නත් ඩීසල් නෑ – රටපුරා යළිත් ඉන්ධන හිගයක්

Date:

රටපුරා ඩිපෝ රැසකට දින දෙකකින් ඩීසල් ලබා දී නොමැති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. මේ වනවිට ඩිපෝ කිහිපයක ඉන්ධන තොග අවසන් වී ඇති අතර බස් ධාවන කටයුතු ඇණහිටීමේ අවදානමක් මතුව තිබේ.

හෙට දිනයේදී ඩීසල් ලැබෙනු ඇතැයි විස්වාස කරන බවත්, කෙසේ නමුත් ඩීසල් ලැබෙන දිනයක් සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාදීමද ලංගම ඩිපෝ හරහා සිදු වූ අතර ඩිපෝවල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් ධාවන කටයුතුද ඇණහිට තිබෙනවා.

මේ අතර ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ ඩීසල් මෙන්ම පෙට්‍රල් නිකුත් කිරීමද දැඩිලෙස සීමා කර ඇති බවයි. නුදුරේදීම යළිත් ඉන්ධන හිගයක් ඇතිවිය හැකි බවයි එම සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා පවසන්නේ.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිට රටපුරා ඉන්ධන පිරවුම්හල් රැසක් වසාදමා ඇති අතර යළිත් ඉන්ධන පෝලිම් නිර්මාණය වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...