ලංගම දුවන්නත් ඩීසල් නෑ – රටපුරා යළිත් ඉන්ධන හිගයක්

Date:

රටපුරා ඩිපෝ රැසකට දින දෙකකින් ඩීසල් ලබා දී නොමැති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. මේ වනවිට ඩිපෝ කිහිපයක ඉන්ධන තොග අවසන් වී ඇති අතර බස් ධාවන කටයුතු ඇණහිටීමේ අවදානමක් මතුව තිබේ.

හෙට දිනයේදී ඩීසල් ලැබෙනු ඇතැයි විස්වාස කරන බවත්, කෙසේ නමුත් ඩීසල් ලැබෙන දිනයක් සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාදීමද ලංගම ඩිපෝ හරහා සිදු වූ අතර ඩිපෝවල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් ධාවන කටයුතුද ඇණහිට තිබෙනවා.

මේ අතර ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ ඩීසල් මෙන්ම පෙට්‍රල් නිකුත් කිරීමද දැඩිලෙස සීමා කර ඇති බවයි. නුදුරේදීම යළිත් ඉන්ධන හිගයක් ඇතිවිය හැකි බවයි එම සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා පවසන්නේ.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිට රටපුරා ඉන්ධන පිරවුම්හල් රැසක් වසාදමා ඇති අතර යළිත් ඉන්ධන පෝලිම් නිර්මාණය වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...