රන්ජන් හෙට නිදහස් ?

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට දිනයේදී ජනාධිපති සමාව මත නිදහස් කිරීමට බොහෝදුරට ඉඩ තිබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඇමතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ හෙට නැතහොත් ලබන 29 වැනිදා ඔහුට නිදහස හිමිවනු ඇති බවයි.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම වෙනුවෙන් තමාත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාත් අවස්ථා කිහිපයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් සිදුකළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රන්ජන් රාමනායක මහතා නිදහස ලබනු ඇති බවත් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා.

මේ සඳහා වෙහෙස නොබලා කටයුතු කළ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු සියලුදෙනාට තමන්ගේ ස්තුතිය හිමිවන බවයි ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ රන්ජන් රාමනායක මහතාට වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුමක් නියම විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...