සර්ව පාක්ෂික හෝ බහු පක්ෂ ආණ්ඩුවක් හැදෙන්නේ නැහැ.පූට්ටුවක් තමයි ගොඩදාගන්න වෙන්නේ! (VIDEO)

Date:

රටේ ඉදිරි ගමන් මඟ සාර්ථක කරගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ බහු පාක්ෂික ආණ්ඩුවක් සදා ගැනීමට හැකි නම් එය ඉතා හොඳ තත්ත්වයක් වන නමුත් මෙරට දේශපාලන සංස්කෘතිය අනුව එය සිදුවන බවක් ගැන විශ්වාසයක් තැබිය නොහැකි අතර කිරීමට සිදුවන්නේ එහෙන් මෙහෙන් අමුණාගත් රජයක් සෑදීම වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසුවේය.

ඒ, අද (25) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තවදුරටත් අති බහුතරයක පාර්ලිමේන්තු බලය මෙන්ම ගම් මට්ටමේ වැඩි ජනතා බලයක් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ මොහොතේ පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා බටහිරට ආමන්ත්‍රණය කළ හැකි නායකත්වයක් ඉදිරියට ගෙන ඒමේ විකල්පය පැවති හෙයින් ඒ සඳහා සුදුසුම පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීමට කටයුතු කළ බව හෙතෙම සඳහන් කරන ලදී.

පසුගිය මැතිවරණයෙන් ඔහුට ජන පදනමක් සාදා ගැනීමට නොහැකි වුවත් අගමැතිවරයා ලෙස කටයුතු කරගත් අත්දැකීම් සම්භාරයක් මෙන්ම දැක්මක් වික්‍රමසිංහ මහතා සතුව තිබෙන බවත් දැනටමත් ඔහු එඩිතර තීන්දු ගනිමින් සිටින බව දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැතිධූරයට පත්කර ගැනීමට හෝ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දුවක් ගෙන නොමැති අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ද එවැනි වුවමනාවක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...