ඉම්රාන් ඛාන් නැවත කරළියට ගෙන එමින් ත්‍රස්ත විරෝධී චෝදනා ගොනු කරයි.

Date:

ඉස්ලාමාබාද් අගනුවර පැවති දැවැන්ත රැලියකදී හිටපු අගමැතිවරයා පොලිසියට සහ අධිකරණ නිලධාරියෙකුට පහරදීමෙන් දින කිහිපයකට පසු පාකිස්තාන පොලිසිය ඉම්රාන් ඛාන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී නීතිය යටතේ චෝදනා එල්ල කර ඇති බව පාකිස්ථානු රජය විසින් නිවේදනය කර තිබේ. කෙසේ නමුත් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

රජයේ ආයතන සහ නිලධාරීන්ට එරෙහිව වෛරී ප්‍රකාශ පතුරුවා හැරීම හේතුවෙන් ඛාන්ගේ දේශනවලට රටේ ඉහළම මාධ්‍ය නියාමන ආයතනය විසින් තහනමක් පවා පනවා ඇති තත්වයක මෙම නඩුව ගොනු වී තිබේ. පාකිස්තානයේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරියේ තහනම නොතකා ඛාන් වේදිකාවේ සජීවී කථාවක් විකාශය කිරීමෙන් පසු රටේ අන්තර්ජාල සේවා යූ ටියුබ් වෙත ප්‍රවේශය අවහිර කළ බව ඉරිදා ගෝලීය අන්තර්ජාල නිරීක්ෂක නෙට්බ්ලොක්ස් පවසා තිබිණ.

විශ්වාසභංගයක් මගින් අප්‍රේල් මාසයේදී බලයෙන් පහ කරනු ලැබූ ඉම්රාන් ඛාන් නැවත බලයට පැමිණීමට උත්සාහ කරමින් රට පුරා ජන රැළි පවත්වන අතර විශාල ජන සහභාගීත්වයක්ද ඒවායේ දක්නට ලැබෙන බව වාර්තා වේ. අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් පසුව බලයට පත් වූ රජය ආනයනය කරන ලද රජයක් ලෙස හඳුන්වමින් එක්සත් ජනපදය ප්‍රමුඛ කුමන්ත්‍රණයකින් තමා බලයෙන් පහ කළ බවට හිටපු අගමැතිවරයා චෝදනා කරයි.

ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගතහොත් ස්ලාමාබාද් නගරය ජනතා බලයෙන් පවරා ගන්නා බවට ඛාන්ගේ කැබිනට් මණ්ඩලයේ හිටපු අමාත්‍ය අලි අමීන් ගන්දාපූර් ට්විටර්හි සඳහන් කර තිබිණි. සමහර පක්ෂ නායකයින් මහජන බලමුලු ගැන්වීමට සූදානම් වන ලෙස ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇති අතර .වීදි ප්‍රචණ්ඩත්වය නැවත පැමිණීම ප්‍රබල හැකියාවක් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

වර්තමාන පවතින දේශපාලනික අස්ථාවරත්වය පාකිස්තානයේ ආර්ථික දුක්ඛිත තත්ත්වයන් තවදුරටත් සංකීර්ණ කර ඇත. මේ වන විට ඉන්ධන සහ විදුලි මිල ද ඉහළ ගොස් ඇති අතර මහජනයා අතර පවතින්නේ නොසන්සුන්තාවකි.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...