ගෝඨාභය අගමැති වෙනව නම් අපි උඩින්ම කැමතියි – ප්‍රදීප් උඳුගොඩ

Date:

මෙරට ඡන්දදායකයන් ලක්ෂ 69 කගේ කැමැත්තෙන් ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට යළිත් මෙරටට පැමිණීමට කිසිදු බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා පවසනවා. ඔහුගේ එම අයිතියට බාධා කිරීමට කිසිවෙකුටත් නොහැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඇතැම් දේශපාලන අදිසි හස්තයන් ක්‍රියාත්මක වී රටේ ජනතාව කුපිත කිරීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පළායාමට සිදු වූ බවයි උඳුගොඩ මහතා අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් සඳහන් කළේ.

හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව යළිත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවන්නේද යන්න ඔහුගේ තීරණයක් බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂයට කිසිවක් සඳහන් කළ නොහැකි බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ ඔහු තවදුරටත් දේශපාලනයේ නිරතවන්නේ නම් තමන් ඉතා කැමති බවයි. යම් හෙයකින් ඔහු පාර්ලිමේන්තුවට පැමිණ අගමැති ධුරයට පත්වන්නේ නම් ඒ සඳහා පූර්ණ සහයෝගය දක්වන බවද ප්‍රදීප් උඳුගොඩ මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...