ගෝඨා ගත්ත තරමක් ගත්තේ මෝඩ තීරණ – උදයංග (VIDEO)

Date:

ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂව අගමැති කළ යුතුව ඇති බවට යෝජනා කරමින් තිබෙන අතර එය එම අයගේ අවශ්‍යතාවක් වන නමුත් ඔහුට නැවත අවස්ථාව දීමට රටේ මිලියන 20ක ජනතාව මෝඩ විය යුතු නැතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ගෙවුණු වසර දෙකහමාරක පමණ කාලයක් විනාශ කළේ ඔහුගේ අත්දැකීම් නොව නැති කළේ ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය බවයි වීරතුංග මහතා සඳහන් කළේ.

කොවිඩ් වසංගතය ව්‍යාප්තව පැවති සමයේ විදේශයන්හි රැකියාවන්, ව්‍යාපාර අහිමි වූ අයට තමන්ගේ රටට පැමිණීම තහනම් කළ එකම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ බව ඔහු ප්‍රකාශ කළේය.

තමන් අවට සිටි යම්කිසි පිරිසකට මඩිය තර කරගැනීමට ඔහු එලෙස තීරණ ගත් බවද වීරතුංග මහතා සඳහන් කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ විසින් ගත් තරමක් ගත්තේ මෝඩ තීන්දු වන හෙයින් නැවතත් ඔහුව විශ්වාස කළ යුතු නැති බවයි උදයංග වීරතුංග මහතා අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...