කොට්ටහච්චි නෑ කියූ පළාත් සභා ඡන්දය තියන බව අගමැති හරිනි යාපනේදී කියයි

පළාත් සභා මැතිවරණය ඉදිරියේදී අනිවාර්යයෙන්ම පවත්වනු ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ප්‍රශ්නය – පළාත් සභා මැතිවරණය තියනවාද ?

“ඔව්. අනිවාර්යයෙන් ඒක තියන්න ඕනෙ නෙ. ඒක නීතියේ හැටියට තියන්න ඕනෙ. සුදුසු වෙලාවට ඒක මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කරයි”

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ පසුගියදා (22) යාපනයේදී පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් පසුගිය සතියේදී පැවති ජාතික ජන බලවේගයේ කාන්තා රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසා තිබුණේ පළාත් සභා මැතිවරණය නොපවත්වන බවත් කිසිදු මැතිවරණයක් නුදුරේදී පැවැත්වෙන්නේ නැති බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...

පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්!

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද...