ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන මත අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබා ගෙන සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සඳහා තවත් දින 90ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන දින 90ක කාලයක් රැඳවුම් නියෝග ලබාගෙන තිබුණි.
ඒ අනුව තවත් දින 90ක කාලයක් සඳහා ඔහුට මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කර තිබේ.
කෙසේවෙතත් ඔහුගේ මව සහ බිරිඳ ජනාධිපතිවරයා වෙත ලිපි යොමුකරමින් ඉල්ලා තිබුණේ තවදුරටත් රැඳවුම් නියෝග ලබා නොගන්නා ලෙසයි.
මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චූදිතයින් 25දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 22 ප්‍රකාශයට පත්කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
මෙම නඩුව වසර පහකට ආසන්න කාලයක් එම නඩුව විභාග විය.


