රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පසුගියදා (22) දියබෙදුම රණවිරු ගම්මානය වෙත ගොස් එහි වෙසෙන රණවිරුවන්ගේ සුවදුක් හා සුබසාධන අවශ්‍යතා සොයා බැලීය.
එහිදී රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිවරයා, ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සහ ගැටලු පිළිබඳව අවධානයෙන් සවන් දී, ඔවුන්ගේ සුබසාධනයට ප්‍රමුඛත්වය ලබාදෙමින් අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදෙන බවට සහතික විය.
රණවිරුවන් එහිදී ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
දිවයින පුරා රණවිරු ගම්මාන 28ක් ඇතුළු සුබසාධන පහසුකම් හරහා, රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කරයි.





