ඇසළ පෙරහැර මංගල්‍යෙය් අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රී වීදි සංචාරයට එක්වේ.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් කුඹල් පෙරහැර වීදි සංචාරය
කිරීම අද (25) රාත්‍රී යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට නියමිතය.
රාත්‍රී හත පසුවී මිනිත්තු දෙකට නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන
සිව්මහා දේවාල පෙරහැර සමඟින් පිටත්වන ඇසළ පෙරහැර දළදා වීදිය,
යටිනුවර වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත
ගෙවැදීම සිදුවේ.

ඇසළ පෙරහැරේ සිව්වන කුඹල් පෙරහැර ඊයේ (24) වීදි සංචාරය කළ අතර එහිදී
සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ කැලණිය රජ මහ විහාරයට
අයත් කණ්ඩුල ඇතු විසින්. එම ඇතු මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ
සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන පළමු අවස්ථාව මෙය වේ.
මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ
මහතා ඇසළ පෙරහැරෙහි ගමන් ගත් අතර දියවඩන නිලමේවරයා නියෝජනය
කරමින් ඒ මහතා ගමන් කළ පළමු අවස්ථාව ද මෙය වේ.

පෙරහැර නැරඹීම සඳහා අද දිනයේද විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගීව සිටි
අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂීත වැඩපිළිවෙලක් මෙම
කාලය තුළ සිදුවේ. පෙරහැර ගමන් ගන්නා මාර්ගය දෙපස ගොඩනැගිලි හා
මහජනයා පරීක්ෂා කිරීම් ඇතුලුව ආරක්ෂිත වැඩසටහන් රැසක් ආරක්ෂක
අංශවල මැදිහත්වීම මත මෙම කාලය තුළ සිදුකෙරේ.
පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේ දී මහනුවර නගරය තුළ විශේෂ රථ වාහන
සැලැස්මක් ද ක්‍රියාත්මකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...

බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW බංගලාදේශ සංචාරයට නම් කරන...

බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ඩකා...

ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල සංදර්ශනයක්. මුන් 159ක් හිටියාට නීති හදන්නෙ නෑ. හුඟක් අය දැන් මගේ සිංදු අහන්නෙත් නෑ – සංගීත්

වත්මන් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටළීම් හුදු සංදර්ශනයක් පමණක් බවත් ඒවායි...