2021 වසරේ EPF අරමුදලේ සම්පූර්ණ වත්කම වූ ට්‍රිලියන 3.1 න් ට්‍රිලියන 2.9 රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරලා තිබුණා. ප්‍රතිශතයක් විදිහට 92%ක්. අනෙකුත් ආයෝජනද ඇතුළුව සම්පූර්ණ පොලී ආදායම වශයෙන් 2021 වසරේ බිලියන 293 ක මුදලක් අරමුදලට ලැබුණා. ඒ ආදායම ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 10%ක්.
අන්න ඒ 10% න් 9%ක් Dividend වශයෙන් සේවක ගිණූම් වලට මාරු කරලා තියෙනවා. හොඳට මතක තියාගන්න ඒ ලැබුණු සම්පුර්ණ මුදල බිලියන 293යි!
ඊළඟට අපි 2023 වසරට ආවොත් අරමුදලෙන් 2022 අවසානය වෙද්දි ට්‍රිලියන් 3.4ක් වෙච්ච අරමුදලෙන් ට්‍රිලියන් 3ක් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරලා තියෙනවා. ප්‍රතිශතයක් විදිහට ඒක 89%ක්. අන්න ඒ සම්පූර්ණ මුදලට ම 12% ක කූපන් අගයක් 2025 දක්වා ලැබෙනවා කියලා සැලකුවාට පස්සෙ, අපිට පැහැදිලිව පේනවා බිලියන 360ක් අදායම වශයෙන් ලැබෙනවා.
2021 – බිලියන් 293
2022 – බිලියන් 349
2023 – වසර ගත්තම,
12% කූපන් රේට් එකට අදාලව පමණක්,
ආයෝජන කළඹෙන් 89% වෙච්ච,
රාජ්‍යය සුරැකුම් වලින් පමණක්එ එන ආදායම බිලියන 360ක්.
ඊට අමතර ව ලැබිය හැකි ප්‍රතිලාභය ගැන දළ අදහසක් කිවුවොත් දැනට අරමුදල දරණ බැඳුම්කර වල පිරිවැය ට්‍රිලියන 3ක් උනාට ඒකෙ මුහුණත අගය 3.17ක්. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් අමතර 3.4%ක පමණ ආදායමක් අරමුදලට ලැබෙනවා.
මම ඒකයි දිගින් දිගටම ඔය EPF කොල්ලයක් ගැන කියන අයගෙන් පුන පුනා ඇහුවෙ ආදායම අඩු වෙලා තියෙන්නෙ කොතනින්ද? අඩු වෙලා අඩු වෙලා 0ට ආසන්න වෙනවා කියලා ඔයාලා කියන්නෙ මොන පදනමින් ද කියලා.
අනික් පටලවාගත්තු තැන මේක,
මෙන්න මේ කියපු කූපන් රේට් මාරු කරලා කරන ප්‍රතිව්‍යූහගතකරණය නිසා රජයේ මූල්‍යය අවශ්‍යයතාවය (GFN) එකට ඇති කරගන්නාවූ බලපෑම පෙන්නනවා GDP % විදිහට. ඒක GDP එකෙන් 0.5%ක්. අරකේ ඉම්පැක්ට් එක මේක මිසක් මේ 0.5% බලලා ආදායමෙන් අඩු කරන්නෑ. ප්‍රායෝගිකව වෙන්නෙ තියෙන බැඳුම්කර කඩදාසි අරගෙන අලුතෙන් 12% හෝ 9% ගහපු කඩදාසි දෙන එක.
අවසානයේ මම නැවතත් අහනවා,
කොහොමද ඔය කියන විදිහට,
අරමුදලේ ආදායම 0 ට ආසන්න වෙන්නෙ ?
~ හිමාලක කල්හාර
RN