*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

අපිත් එක්ක ඡන්ද ජිල්මාට් බෑ – නියෝජ්‍ය පොලිස්පති අවධාරණය කරයි

පසුගිය වසර 15ක් පුරා මැතිවරණ මෙහෙයුම් කටයුතු භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න අවධාරණය කර තිබෙන්නේ, මතිවරණ දූෂණ සහ අක්‍රමිකාතාවලට කිසිසේත් ඉඩක් නොහැති බවය.

ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිසිස් සාමූහිකයේ ප්‍රධානියෙකු වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වනවිට එම පක්ෂයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් ජලායක සම්බන්ධ වී කටයුතු කරමින් සිටී. ඔහු සමග මව්බිම පුවත්පෙත් මාධ්‍යවේදිනී අනුරාධා හේරත් කරන ලද සාකච්ඡාවක් අද (25) එම පුවත්පතේ පල කර තිබිණි.

එම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම උපුටාගෙන පහත දැක්වේ.

මෙදාපාර ජිල්මාර්ට් දාන්න කිසිම ඉඩක් නෑ

ගාමිණී නවරත්න කියන්නේ වසර ගණනක් පොලිස් දෙපාර්තමේන්තුවේ මැතිවරණ මෙහෙයුම් භාරව සිටි විශේෂඥයෙක් විදිහට තමයි අපි අහල තියෙන්නේ. ඔබේ ඒ භූමිකාව මොකක්ද?

මම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විදියට ඉන්නකොට පොලිසිය මාව පත් කළා මැතිවරණ භාර පොලිස්පතිවරයා හැටියට 2001 දී. එතැන ඉඳලා 2016 දක්වාම මැතිවරණය පහළොවකට විස්සකට ආසන්න සංඛ්‍යාවක කරගෙන ගියා. ඒ සෑම මැතිවරණයක්ම නිදහස් හා සාධාරණව පවත්වාගෙන යෑමට මගේ කාර්යභාරය ඉවහල් වුණා කියලා මම හිතනවා. ඒ නිසා මාව කිසිම පොලිස්පතිවරයෙක් හෝ දේශපාලනඥයෙක් මේ තනතුරෙන් ඉවත් කරන්න කටයුතු කළේ නෑ.

ඔබ යටතේ පැවැත්වූ අවසන් මැතිවරණය එතකොට 2015?

ඔව්. මැතිවරණ 2015 ජනවාරි 8 හැරවුම් ලක්ෂ්‍යයට ආපු ජනාධිපතිවරණයක්. ඒ කාලේ මං ඒක භාරව හිටියා. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙද්දිත් මම හිටියා. මැතිවරණ කොමසාරිස් ලෙස කටයුතු කළේ මහින්ද දේශප්‍රිය. කොමිසම සම½ග එදා සුහදතාවයෙන් කටයුතු කරන්න හැකිවුණා.

මැතිවරණ කාලසීමාවල ඇතැම් අවස්ථාවන්හිදී රටට ඇඳිරිනීති පැනෙව්වා. ඔබ යටතේ් එසේ ඇඳිරිනීති පැනවූවා නේද?

හොඳ මාතෘකාවක් ඒක. මගේ ඇස් දෙකෙන් දැකලා මම කිව්වා මැතිවරණවලදී ඇඳිරි නීතියක් අවශ්‍ය නැහැ. පොලිසියක් ඉන්නවා. මහජනතාවගෙන් ප්‍රශ්න නැහැ කියලා.

ඇඳිරිනීති දාන එක මහජනතාවටත් හිරිහැරයක් කියලා මේ නීතිය නැවැත්තුවේ මම.

මොන වසරේදී ද?

අවුරුදු දෙකක් මම මේක නිරීක්ෂණය කළා. තුන්වැනි අවුරුද්දේදී මම කිව්වා ඇඳිරිනීති ක්‍රමය නවත්තමු කියලා.

ඕනෑම රාජ්‍ය නිලධාරියෙක් තුළත් යම් දේශපාලන සත්ත්වයෙක් තමන්ගේ ඇඟ ඇතුළේ සිටිනවා. ඔබ නීතිය ක්‍රියාත්මක කරන්න බැඳී සිටි පුද්ගලයෙක්. විශේෂයෙන්ම මැතිවරණය වැනි කාරණාවක් තුළ. ඔබ තුළ එවැනි දේශපාලන සත්ත්වයෙක් හිටියේ නැද්ද? ඔබ කොහොමද මේක කළමනාකරණය කරගත්තේ?

ඇත්තටම මම මූලික වශයෙන් නීතියේ ආධිපත්‍යයට ගරු කරන පුද්ගලයෙක්. මම වරදාන ඔස්සේ යන ආසාවක් තිබූ කෙනෙක් නොවෙයි. එහෙම වෙද්දී නීතිය ක්‍රියාත්මක කරන්න හරි ලේසියි. මහජනයාගේ අවශ්‍යතා සපුරාලන්නට ලේසියි. මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙනකොට මුල ඉඳලා චක්‍රලේඛ 14ක් ක්‍රියාත්මක වෙනවා. මං ම ඒවා සකස් කරලා ගත්තේ. බිම් මට්ටමේ ඉඳලා මං ඒවා නිරීක්ෂණය කරලා පටන් ගත් ඒවා.

නමුත් මැතිවරණය භාරව සිටිනවා කියන්නෙම එහෙම නැත්නම් දේශපාලන යාන්ත්‍රණයට මැදිහත්ව නීතිය ක්‍රියාත්මක කරනවා කියන්නේම දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ඒක කොහොමද ඔබට දැනුණේ?

ඒකට කියනවා immunity එක කියලා ඉංග්‍රීසියෙන්. සිංහලෙන් කියන්නේ ප්‍රතිශක්තිකරණය කියලා. හොඳ ප්‍රතිශක්තිකරණයක් මගේ වටා තියෙනවා. හේතුව මගේ ප්‍රතිශක්තිකරණයට අවනීතිය ඇතුල් වෙන්නේ නැහැ. මම සුහදත්වයෙන් සිටිනවා වගේම මගේ නිලධාරීන් සියලු දෙනාම කිසිම කෙනකුට අවනීතියට යට වෙන්න ඉඩ දුන්නේ නෑ.

නමුත් ඔබ කියන ආකාරයට විශේෂයෙන්ම පොලිස් සේවයේ නීතිගරුක නිලධාරියෙක් වීම ලංකාවේ ලේසි පහසු නැහැ. ඔබට දේශපාලනයෙන් හෝ වෙනත් තැන්වලින් විරෝධතා, තර්ජන ආවේ නැද්ද?

බලපෑම් තිබුණා. නමුත් නීතියට පටහැනි ඒවා ක්‍රියාත්මක නොවෙනකොට ඒ බලපෑම් සුන් වෙලා ගියා. ඇතැම් කාලවල තර්ජන පවා එනවා. පොලිස් නිලධාරියකුට තියෙන බලය තුළින් රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කළොත් ඒ තර්ජන නීතියට යටවෙනවා. එහෙම වූ අවස්ථා තිබුණා. පොලිස් නිලධාරියක් විදිහට මං පදම් වෙච්ච නිලධාරියක්. මං හොඳට ඉවසන්න පුළුවන් කෙනෙක්. ඉවසලා අවශ්‍ය දේ කරනවා.

නීතියට පරිබා රව කළ යුතු යැයි කියලා යෝජනා ආවෙම නැද්ද?

නෑ. ඒකට හේතුවත් අර මං කියපු නීතියට ගරු කිරීමේ ප්‍රතිපත්ති රාමුවේ මං සිටි නිසා වෙන්න ඇති.

එවකට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිව සිටි මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඔබට ලැබුණු සහාය කොහොමද?

ඉතාම හොඳ සහයක් එතුමාගෙන් ලැබුණා. පොතකුත් ලියල තිබුණා. ඒකෙ පොඩි කොටසක් මම කියවන්නම්. “එවකට මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ප්‍රශංසාව ඉහළින් භාරගන්නට කැමැතියි. එහෙත් එක් කොන්දේසියකට යටත්ව. එනම් පසුගිය ජනාධිපතිවරණයේ මා සතුව පැවැතියේ තීරණාත්මක භූමිකාවක්ය. ඒ උණුසුම් ජවනිකාවේ මා ප්‍රධාන නළුවා බව වුවත් එකී ජවනිකාවේ තිරය පිටුපස සිටි එකී ජවනිකාව නිෂ්පාදනය කොට තිරගත කරන ලද්දේ

ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාය. එසේ නම් අප ලබන යම් ප්‍රශංසාවක් වේද එම ප්‍රශංසාවේ වැඩි කොටසක් ඔහුටද ලබාදිය යුතුය” කියලා.

2015 යහපාලනය ස්ථාපිත කරන්න කියලා ගෙන ආ මැතිවරණයේදී යම් විශේෂ සිදුවීම් තිබුණද?

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදී උත්සාහයක් තිබුණා කිසියම් වූ ආකාරයක උපක්‍රමශීලීි ක්‍රම යොදලා ඒකේ ජය වෙන පැත්තකට යොමු කරන්න.

ඒ කියන්නේ මොකක් හරි හොර ඡන්ද දැමීමක් වගේ එකක්ද?

නෑ. හොර ඡන්ද දැමීමක් නෙමෙයි. වෙන මොකක් හරි බලපෑමක් කිරීම සඳහා ඒගොල්ලෝ හමුදාව යෙදවීමක් කරන්න ගියා කියල වාර්තා වුණු ගමන් ඔය සම්බන්ධව එකල මැතිවරණ කොමිසමේ සභාපතිට සඳහන් කරලා ලිපියක් යැව්වා. ඒ අනුව සමස්ත රට පුරාම විශේෂ කාර්යය නිලධාරීන් යෙදෙව්වා.

මැතිවරණයට දවස් කීයකට පෙරද?

මැතිවරණයට දවස් තුනකට පෙර. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. මැතිවරණ කොමිසමේ සභාපතිට පමණයි. මොකද අතුරු හමුදා යොදවන්නට නම් මැතිවරණ කොමිසමේ සභාපතිගේ අනුමැතිය අනිවාර්යයි. එහිදී සිද්ධ වෙන්න ගිය අවනීතිය වැළකුණා. එක් විශේෂ කාර්ය භාර ඉහළ නිලධාරියක් මට කතා කරලා ඇහුවා ඇයි එස්.ටී.එෆ්. එක දැම්මේ කියලා.

මං කිව්වා ඉතින් මැතිවරණ කොමිසමේ සභාපති මේක කළේ කියලා. ඊට පස්සේ කොමිසමේ සභාපතිට යම්කිසි බලපෑමක් තිබිලා තියෙනවා. යම් දිස්ත්‍රික්කයක එස්.ටී.එෆ්. එකෙන් ඒ කෑම්ප් එක අල්ලා ගත්තා. එක් ස්ථානයක් විතරයි ඒ. ඒ බලපෑමට ඔහු නතු වුණා. මට කවුරුත් බලපෑම් කරන්න ආවේ නැහැ.

අපි මේ සංවාදයේ ප්‍රධානම කොටසටම යමු. ඇයි ජාතික ජනබලවේගය ඔබ විසින් තෝරා ගත්තේ? ඔබේ මෙහි භූමිකාව මොකක්ද?

මම විශ්‍රාම ගිහිල්ලා ඉන්නකොට දිගටම වගේම මෑත කාලේ රට අරාජික වුණා. නීතිය ක්‍රියාත්මක වීම අරාජික වුණා. පාර්ලිමේන්තුවේ අනීතික කාරණා සිදුවුණා. රට බංකොලොත් වුණා. රට බංකොලොත් කරපු අයට නඩු පවා දැම්මා. ඒවා හරියට ක්‍රියාත්මක වුණේ නෑ. මට හැ½ගුණා මම මේ රටේ මෙපමණ තනතුරක් දරලා රාජකාරි කරලා නිකම් බලන් ඉඳලා හරියන්නෙ නෑ. මේ අවස්ථාවට මැදිහත් විය යුතුයි කියලා. මට ඒ මොහොතේ හරි මාවතක් විදිහට පෙනුණේ මාලිමාව පමණයි. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ දරන්නේ අනුර දිසානායක ප්‍රමුඛ මාලිමාව කියලා මට දැනුණා. අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කියනවා “මම බලයට පත්වුණොත් මේ ඉස්සරහ ඉන්න කිහිපදෙනාම හිරේ.” මට ඒක තදින්ම වැදුණා. මාත් නීතියට ගරු කරන පුද්ගලයෙක්. ඒක තමයි ලොකුම හේතුව. දෙවැනි කාරණාව උදාහරණයක් විදිහට ඩයනා ගමගේ මන්ත්‍රිවරිය අවුරුදු 4ක් තිස්සේ මහජන මුදල් විනාශ කරමින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය නැති කරමින් කටයුතු කළා. ඒ ක්‍රියාදාමයන් තුළ මගේ හිත කැඩුණා. රට වෙනුවෙන් ආදරයක්, අභිමානයක් අවශ්‍යයි කියලා හැ½ගුණු නිසා මම මේ තීරණය ගත්තේ. අනුර කුමාර මහතාගේ හැසිරීම් රටාවට මම කැමතියි. ඒගොල්ලො පෞද්ගලික අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන අය නෙවෙයි. අනුර කියන චරිතය තමන්ගෙ සුබ විහරණයට නොවෙයි කටයුතු කරන්නෙ රටේ සුබ විහරණය වෙනුවෙන්. පවුල් ගැන නොහිතා ඔවුන් කටයුතු කරන්නෙ. 

ඒක ඉතාම වටිනවා. අනෙක් සියලුම පක්ෂ තමුන්ගේ සෞභාග්‍යය හා පවුලේ සෞභාග්‍යය වෙනුවෙන් වැඩ කරන්නේ. ඔවුන් රටට සේවයක් කරන්නේ. ඔවුන් පවුල් පෝෂණය කරන දේශපාලන කඳවුරක් නොවේ කියලා මට තේරුණා. ඉතින් මගේ උදවු ඒ අයට දෙන්න තීරණය කළා. ඒක ජාතික සේවයක්. මම මාලිමාව මැතිවරණ මෙහෙයුම් නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් පත්කළා.

මේ වෙද්දීත් රාජ්‍ය යාන්ත්‍රණය විසින් මැතිවරණ නීති උල්ලංඝනය කරන බවට චෝදනා තිබෙනවා නේද?

ඔව්. ආණ්ඩුව අයුතු ලෙස ආණ්ඩු බලය යොදාගෙන මැතිවරණ නීති උල්ලංඝනය කරනවා. හොඳම උදාහරණය මන්ත්‍රි ධුර අහිමි වූ හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර දෙන්නට ඒ හොබවපු අමාත්‍යාංශවලම උපදේශක තනතුරු දීලා තියනවා ජනාධිපති විසින්. විපක්ෂ නායකවරයත් පොදු දේපළ භාවිත කරනවා මේ මැතිවරණයට.මේ මොහොතේ පවා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ කණ්ඩායමට විරුද්ධ පක්ෂවලින් එල්ල කරන චෝදනාව තමයි 88,89 භීෂණ සමය. ඔබ හිටපු ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් හැටියට මේ සම්බන්ධව ඇති මැනීම සහ විග්‍රහය කුමක්ද?

ඕනෑම පක්ෂයක් රටේ අවශ්‍යතාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ එක්කම රජය වුණත් පිල්ලෙයාන්ලා වගේ පොලිස් නිලධාරීන් හාරසිය ගාණක් ඝාතනය කරපු පුද්ගලයන්ට ඇමැතිකම් පවා ලබාදී රජයට එකතු කරගත්තා. ඔවුන් රටක අභිවෘද්ධිය වෙනුවෙන් ඒ අය යොදා කටයුතු කළා කියනවා නම් ඒ කියන්නේ ත්‍රස්තවාදීන්ට ඇමැතිකම් දීලා රට බේරා ගත්තා කියලා කියනවා නම් එවැනි වාතාවරණයක් තුළ මේ ජේ.වී.පීි. ය තුළ ඇති ඉතිහාසය ගැන කරන විග්‍රහය ගැන ලොකුවට සිතිය යුතු නැහැ.

ඒක පක්ෂයකින් වුණු අඩුපාඩුවක් හැටියට සලකන්නේ නැද්ද?

නෑ. ඒ සිදුවීම වුණේ ජනතා විමුක්ති පෙරමුණ නිසා නෙවෙයි. මහජනතාවට පාලක රජයන් විසින් කරපු අඩන්තේට්ටම් සහ යම්කිසි දේශපාලන පක්ෂයකට කරපු අසාධාරණයක් උඩ ඇති වූ ප්‍රතිඵලයක් මිසක් ජේ.වී.පී. හිතාමතා කළ දෙයක් නෙමෙයි. මේක තනිකරම ජේ.වී.පී. යට බැර කිරීම මං ප්‍රතික්ෂේප කරනවා. තරුණ කණ්ඩායම් ඒ වෙලාවෙ හිටියේ. තරුණ කණ්ඩායම් ආවේගශීලීයි. ඔවුන් තමයි අනාගත පරපුර. මම දැක්කා මගේ යාළුවෝ පවා පාරේ පිච්චෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ තත්ත්වයට පත් කළේ එවකට පාලන තන්ත්‍රය විසින්.ඔබ විශ්වාස කරනවද අපේ රටේ පොලිසියට හොඳ බුද්ධි අංශයක් සිටිනවා කියලා?

අනිවාර්යයෙන් හොඳ බුද්ධි අංශයක් තියෙනවා. පොලිසිය විතරක් නෙමෙයි යුද හමුදාවටත් හොඳ බුද්ධි අංශයක් තිබෙනවා.

එහෙනම් කොහොමද සහරාන්ලා එදා බෝම්බ ගැහුවේ?

සහරාන් කේස් එක සම්බන්ධව තිබූ බුද්ධිය කවුද මන්දබුද්ධික කළේ කියලා මහජනතාව දන්නවා.

ඔබ කියන්නේ බුද්ධි අංශ තම රාජකාරිය කළාට දේශපාලන තන්ත්‍රය ඊට ඉඩ දුන්නේ නැහැ කියලද?

අනිවාර්යයෙන්ම. බුද්ධි අංශ විසින් වැරදි අදූරදර්ශී දේශපාලනඥයන්ට නතු වුණහම සියලු දේ අරාජික වෙනවා. මහජනතාවට තියෙන ආරක්ෂිතභාවය සම්පූර්ණයෙන් අනාරක්ෂිත වෙනවා. ඒගොල්ලො බලන්නේ පක්ෂවල හා පුද්ගල අභිවෘද්ධිය පමණයි. මහජනතාවගේ බුද්ධිය ආයෝජනය කරලා ගමනක් යන්නයි ඒ දේශපාලනයන්ට ඕනෑ වුණේ.ඔබ හිටපු ඉහළ පොලිස් නිලධාරියක් ලෙස ජාතික ජන බලවේගය සම්බන්ධව ජනතාව ඉදිරියේ තැබිය හැකි ක්‍රෙඩිට් එක එහෙම නැත්නම් විශ්වාසය මොකක්ද?

ජේ.වී.පීි. එක එහෙම නැත්නම් ජාතික ජනබලවේගය මේ යන්නේ සාමකාමී ගමනක්. ගල් කැටයක්වත් අතට ගන්නේ නෑ. මහජනතාව සහ රට සෞභාග්‍යය කිරීම තමයි ඔවුන්ගේ අභිලාෂය. ඒ වගේම ගම්බිම් මට්ටමෙන් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ජාතික ජනබලවේගයට හොඳ ප්‍රසාදයක් තියෙනවා. ලක්ෂ 69 ගෝඨාභයට ගියපු රැල්ල ආපහු හැරිලා තියෙනවා තව සියයට පනහක් වැඩිවෙලා. අනිවාර්යයෙන්ම ඒ රැල්ල හැරුණේ පෞද්ගලික ලාභයටවත් පක්ෂයේ ලාභයටවත් නොවෙයි.

මැතිවරණය ඔන්න මෙන්න තියලා අවසාන මොහොතේ බලය හොබවන වත්මන් ජනාධිපතිවරයා යම් ආකාරයකට තරුණයන්ගේ භාෂාවෙන් කිව්වොත් ජිල්මාට් එකක් ගහයි කියලා කියනවා. මේ ගැන ඔබේ මැනීම මොකද්ද?දැනට තියෙන නීති රාමුව තුළ හා ආරක්ෂක අංශ සහ පොලිසියේ තියෙන නීතිගරුක බව, ඒගොල්ලන්ගේ කැපවීම තුළ ඒ අය අවනීතියකට යොමු වෙයි කියලා කිසිසේත්ම හිතන්න බැහැ. මගේ අවුරුදු දාසයක අත්දැකීම් තුළින් මං දැක්කා ඒගොල්ලෝ නොසෙල්වෙන චරිත බව. ඒ හින්දා මේගොල්ලන්ට මැතිවරණය කඩාකප්පල් කරන්න ජිල්මාට් එකක් දාගන්න කිසිසේත්ම ඉඩ ලැබෙන්නේ නැහැ. මැතිවරණ දෙපාර්තමේන්තුව සියලුම රාජ්‍ය නිලධාරින් ඉදිරියේ සාවද්‍ය කරුණු කියලා රවට්ටන්න කරපු අවස්ථා අපි දැක්කා. පඩි වැඩි කරනවා දීමනා දෙනවා කියන ප්‍රකාශ අපි දැක්කා. ඕනම කෙනකුට පැහැදිලියි මේවා සාවද්‍ය ප්‍රකාශ කියලා. රාජ්‍ය තන්ත්‍රයත් ආරක්ෂක සේවාත් දැඩිව ඉන්නවා වගේම මේ පාලන තන්ත්‍රය ඔවුන් දැඩිව ප්‍රතික්ෂේප කරන නිසා එවැනි ජිල්මාට් ගැහීමේ වාතාවරණයක් ඇතිවෙයි කියලා මම හිතන්නේ නැහැ.

ඔබ විශ්වාස කරනවද අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් 21 ජනාධිපති බවට පත්වෙයි කියලා?දැනට තිබෙන රැල්ල අනුව සියයට පනහකට වැඩියෙන් ඡන්ද එන රැල්ලක් ජාතික ජනබලවේගයට තිබෙන බව පේනවා. මිනිස්සුන්ට බඩටම පහර වැදිලා ඉවරයි. කලින් එක පැත්තකටම විතරක් ඡන්දය දානවා කියන මානසිකත්වයෙන් රටේ ජනතාව මිදිලා ඉවරයි.

Lankatruth

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan