දිනෙන් දින මැතිවරණ උණුසුම ඉහලට යද්දී ඉදිරියේ මැතිවරණ ජයග්‍රහනය සහ මැතිවරණයෙන් පසු ඇතිවියහැකි යම් යම් තත්වයන් ගැනද යම් ඉඟියක් මෙහි පලකිරීමට අදහස් කරමි.
කෙසේ වෙතත් මේ මැතිවරණයේදී කිසිදු පක්ෂයකට හෝ කිසිඳු ජනාධිපති අපේක්ෂකයෙකුට සහයෝගය නොදෙන කුඩා දේශපාලන කංඩායමක් (89-සහෝදරත්වය) නියෝජනය කරන මා වැන්නවුන් හට වඩාත් මැදිහත් නිරීක්ෂණයක් මේ මැතිවරණය ගැන කිරීමට ඇති හැකියාව ගැනද මම විශ්වාසය පලකරම්.
මේ සතිය වනවිට එනම් ජනාධිපතිවරණය සඳහා තව දින 27ක් තිබියදී උද්ගතව ඇති තත්වය අනුව මට කිවහැක්කේ මැතිවරණ කැම්පේන් එකතුල ප්‍රධාන වශයෙන් ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් තිදෙනා අතරින්, එනම් සජිත්, අනුර සහ රනිල් අතුරින් අනුර දිසානායක වඩාත් ඉදිරියට පැමිණ පළමුවන ස්ථානයේ සිටින අතර රනිල් තුන්වන ස්ථානයෙන් දෙවන ස්ථානය අත්පත් කරගැනීමට ආසන්න අවස්ථාවකට පත්වී ඇති බවයි.
මෙහිදී මමද ශිරාල් ලක්තිලක මහතාගේ තර්කයට එකඟවෙමින් මේ තිදෙනාම චන්ද ලක්ශ 30 ගණනකින් අඩු හා වැඩි වශයෙන් චන්ද සටන ඇරඹූවද (රනිල් ඊට මදක් අඩු චන්ද පදනමකින් ඇරඹූ බව මගේ අදහසය), මේවනවිට ආකර්ශනීය චන්ද කැම්පේන් එකක් බිම් මට්ටමේ එකදිගට පවත්වාගැනීමේ හැකියාව අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබල වේගය පවත්වාගෙන යාමට සමත්ව ඇති අතර භූමියේ ඉතාම පහල අර්ථික මට්ටමේ ජන ස්ථරය වෙත ඇමතීමේ හැකියාව යම් පමණකට සජිත් සතුකරගෙන ඇතිබැව් පෙනීයයි.
එසේම චම්පික රණවක සහ රිෂාද් බදුද්දීන් දිනාගැනීමේ නොහැකියාව මේ කැම්පේන් එකතුල පසුගිය සතිවලදී රනිල් තුන්වන ස්ථානයේම සිටීමට ප්‍රධාන හේතු ලෙස මට දැක්විය හැකි අතර මේවනවිට තලතා අතුකෝරල සහ තවත් ප්‍රධාන පෙලේ සජබෙහි සාමාජිකයින් ප්‍රමානයක් ලබාගැනීමෙන්ද, දුෂ්මන්ත මිත්‍රපාල වැනි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දිනාගැනීමට හැකිවීමෙන්ද, දෙමළ සහ මුස්ලිම් පක්ෂවල සංවිධායකයින් දිනාගැනීමෙන්ද රනිල් විසින් සජිත් ලබාදිබූ දෙවැනි ස්ථානය මැතිවරණයට දින 27ක් පමණ තිබියදී රනිල් විසින් අත්පත් කොටගෙන ඇතිබැව් පෙනීයයි. (එයද ඉදිරි සතිවල වෙනස්වීමේ හැකියාව පවතී).
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ චන්ද කැම්පේන් එක මේදක්වාම පොහොට්ටුවෙන් කැඩී ආ කොටස් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ආ කොටස් මත මුල් සති කීපය තුල රැඳීපැවති සෙයක් දිස්වූවද ඊට අමතරව ඔහු විසින් උතුරු පලාතේද, කඳුකරයේද මුස්ලිම් ජනතාවගේ නියෝජිතයින් හා දෙමළ ජනතාවගේ නියෝජිතයින්ද තමන්වෙත එකතුකරගනිමින් සිටිමින් තරඟයට එළබෙමින් සිටින බවක් පෙනේ.
එහෙත් ප්‍රධාන ගැටළුවක්ව ඇත්තේ පොහොට්ටුවෙන් එන නායකයින් හට කොතරම් චන්ද ප්‍රමණයක් රැගෙන ඒමේ හැකියාව ඇද්ද යන්න මත පමණි. ඔවුනට ඔවුන් දැරූ තනතුරු හරහා රැස්වීම් වලට සෙනග පිරවිය හැකිමුත් ඒවා චන්ද බවට හැරවීමේ සමත්කම කොතරම් දුරට පවතීදැයි රනිල්ගේ චන්ද කැම්පේන් හසුරවන අයපවා නොදනී. එබැවින් රනිල් කලයුතු වන්නේ පළමුවන ස්ථානයට ඒමටනම් හැකිතරම් උතුරු නැගෙනහිර දෙමළ චන්ද සහ මුස්ලිම් චන්ද දිනාගැනීමට ක්‍රියාකිරීමයි. එහෙත් කොළඹ කේන්ද්‍රගත කොටගෙන රනිල්ගේ චන්ද කැම්පේන් එක මෙහෙයවන්නන් රනිල්ගේ චන්ද සටන මෙහෙයවනු විනා සජිත්ගේ ලකී ෆොන්සේකා වැන්නවුන් විසින් භූමිය මත කෙරෙන චන්ද ව්‍යාපාරයක් බවට රනිල්ගේ චන්ද සටන තවම පත්වී නොමැති බවක් පෙනේ.
ලකී ෆොන්සේකා ඇතුළු කංඩායම රිෂාද් සහ චම්පික තම මල්ලට දමාගැනීමට දැක්වූ සමත්කම සජිත් පිලට විශාල වාසියක් අත්වූබව පෙනේ. මන්ද තනි තනි අය පැමිනි පලියට ඔවුන් පසුපස ජනතාව පීලිමාරුකිරීම සිදුකරන්නේ ඉතා අඩුවෙන් බැවින් චම්පික සහ රිෂාද් පැමිණියේ ඔවුනොවුන්ගේ පක්ෂ සහ බලවේග සමග වීමයි. එහෙත් ප්‍රභල ක්‍රියාකාරීන් සහ සුළුජන වර්ග පක්ෂවල නායකයින් ගැනීමේදී ඔවුන්ගේ චන්ද පදනමද ඔවුන් සමග සැලකිය යුතු ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව ඇත.
මේ අනුව ඉදිරි සතිකීපයේ සුමන්තිරන් ඇතුළු කංඩායම රනිල් පිලට දිනාගැනීමට රනිල් හට හැකියාව ඇත්නම් එය පළමු ස්ථානයට අනුර සමග තරඟයක් දීමට රනිල්ට ඇති හැකියාවේ මූලික පියවරක් වනු ඇත. එහෙත් මේ වනවිට අනුර කුමාර දිසානායක මේ ජනාධිපතිවරණය තුල පළමුවන ස්ථානය තවමත් ඉහලින්ම රැකගෙන ඇතිබැව් කිවයුතුය. ඔහු සමඟ තරඟයක් දීමටනම් රනිල් විසින් සජබය තුල සජිත්ගේ නායකත්ව මංඩලයේ කීපදෙනෙක්ද, ප්‍රභල සංවිධායකයින් ගණනාවක්ද ඊට අමතරව උතුරු-නැගෙනහිර සහ කඳුකරයේ බොහෝ සජබේ සහ දෙමළ සහ මුස්ලිම් පක්ෂවල සංවිධායකයින් පමණක් නොව සජබෙන් විශාල පළුවක්ද රනිල් විසින් ලබාගත යුතුව ඇත.
අනෙත් කාරණය නම් රනිල්ගේ ප්‍රධාන සටන් පාඨය වන්නේ “එදා සියළු දෙනා පැනගිය නිසා මම රට භාරගෙන ගොඩගත්තා” යන්නයි. මේ කථාව ඇත්තටම තේරෙන ඉහල මද්‍යම පංතියේ කොටසක් ඇති අතර එක්සත් ජාතික පක්ෂය වෙත එදාතිබූ ඉතා පහලම ආර්ථික මට්ටමේ ජනකොටස් වෙතට ආකර්ෂණය වන ප්‍රකාශ රනිල්ගේ කැම්පේන් තුල නොඇසේ. ඒවා ඇසෙන්නේ සජිත්ගේ කැම්පේන් තුලිනි. සජිත්ට සැලකියයුතු ජනරැල්ලක් ඇදී ආවේ මේ පහලම ජනකොටස් තුලිනි. එහෙත් රනිල් එම කොටස් දිනාගැනීමට උත්සාහ ගන්නා බවක් තවම නොපෙනේ. එම කොටස් තබා සජිත් සමග විරසකව සිටි චම්පිකව පවා තමගොඩට දමාගැනීමට රනිල් කංඩායම ක්‍රියාකලේ ඉතා අසල ලෙසය. මේ අලස භාවය සහ පොහොට්ටු-ශ්‍රී ලංකා කොටස් තුල පමණක් තබා ඇති අධික විශ්වාසය තැබුවහොත් මට කිවහැක්කේ රනිල් ඉදිරි සති 4 තුලදීත් දෙවන ස්ථානයේ මිස පළමු ස්ථානයට පැමිණීමට නොහැකි වනබවයි.
කෙසේ වෙතත් මේ මැතිවරණය තුලදී වැඩිම රිස්ක්(risk) එකක් ගෙන සජබෙට සහයෝගය දීමට පැමිණියේ චම්පික රණවකයි. ඔහු ඉතා සැලකියයුතු දේශපාලන බලවේගයක් ගොඩනගාගෙන එහි සියළු සම්ප්‍රයුක්ත බලය සජිත් ගේ ජයග්‍රහනය වෙනුවෙන් යෙදවීමට තීරනයක් ගන්නා ලදී. මේ අනුව ඉදිරියේදී චම්පික රණවක සාධකය ලාංකීය දේශපාලනය තුල තනි බලයක් ගොඩනැගීමේ තිබූ අවකාශය ඔහු විසින්ම අහිමිකරගැනීමේ අවදානමක් ඔහුම ලඟාකරගෙන ඇත. එපමණක් නොව මුලදී සජිත් ඇතුළු බලවේගයට තිබුනු විවේචනයද ඔහු අතහැර දමා සජිත් පිලට එකතුවීම ඔහුගේ දේශපාලන ගමනේ අවදානම් කඩ ඉමක් බවකිව යුතුය.
මා සමඟ අදහස් හුවමාරු කරගත් සීවලී අත්තනායක සොයුරාට අනුවනම් චම්පික ඉව ඇල්ලුවේ සජිත්ගේ චන්ද පදනමට වියහැකි බවයි. මැතිවරණයෙන් පරාජය වුවහොත් තම බලවේගය තුල සජිත් පත්වන තත්වය තුල චම්පිකගේ ක්‍රියාත්මකවීම දැකගතහැකිවනු ඇති බව සීවලී සොයුරාගේ අදහසයි.
එසේම ශිරාල් ලක්තිලක මහතා අලංකාර ලෙස විස්තර කලපරිදි, කැළෑවේදී එකම ගස නැවත හමුවීම යනු තමන් මංමුලාවී ඇතිබව තමන්ටම තේරුම් ගැන්වීමයි. ඒ අනුව චම්පිකගේ මෙම සජිත්ට එක්වීමේ තීරණය දේශපාලන වනාන්තරයේ තමන් විසින්ම මංමුලාවීමක් ලෙසටද ඔහුටම අභිමුඛ විය හැක. (එහෙත් ඉදිරි සති කීපය තුලදී චම්පික සහ රිෂාද් විසින් නැවතත් තම සහාය දෙනු ලබන අපේක්ශකයා පිළිබඳ නැවත වතාවක් තීරණය කිරීමටද භූමියේ පවතින කොන්දේසි විසින් ඔවුනට බලකිරීමටද ඉඩ තිබේ).
දැන් අනුර දිසානායක මහතා සැලකුවහොත් මා කලින් කී පරිදි මෙවර චන්ද කැම්පේන් එකතුල දෙස්-විදෙස් වල ඉතාම ආකර්ශනීය චන්ද ව්‍යාපාරයක් කරගෙන ගියේ අනුරගේ නායකත්වයෙන් යුත් ජාතික ජනබල වේගයයි. මේවනවිට ඔහුගේ චන්ද පදනම මගේ තක්සේරුවේ හැටියට චන්ද ලක්ෂ 48 හෝ 50 ක ආසන්නයට පැමිණ ඇත. සමහරවිට ඒ ප්‍රමාණය මීටවඩා වැඩිවියහැක. එහෙත් සජිත් ඇත්තේද ඔහුට පිටුපසින් චන්ද ලක්ෂ 35-40 ත් අතර සීමාවේ බව මගේ හැඟීමයි.
කෙසේ වෙතත් පාවෙන චන්ද විශාල සංඛ්‍යාවක් තවම චන්දය දීමට කෙනෙකු තෝරා නොමැති බැවින් ඒ චන්ද ඉදිරි සතිවල මේ ගණන් බැලීම් බොහෝ දුරකට වෙනස්කිරීමකට ලක්වීමට ඉඩඇත. එහෙත් ඔය කියන පාවෙන චන්ද ඔය කියන හැටියටම තවමත් පාවී තිබේයැයි මම පෞද්ගලිකවම විශ්වාස නොකරමි. මේ වනවිට සෑම පාවෙන චන්දයකටම ඔවුන්ගේ මනසට යම් අපේක්ෂකයෙක් ගැන සුළුවෙන් හෝ අදහසක් පැමිණ ඇත. නමුත් ඔවුන් ඒ අපේක්ශකයා තම මනස තුල තහවුරු කරගැනීමේ ගන්දබ්භ අවදියක පසුවේ. නමුත් මේ චන්ද කැම්පේන් එකතුල මේ පාවෙන චන්ද ඩැහැගැනීමට අවශ්‍ය කරණ විද්‍යාත්මක ක්‍රමවේදයක් හෝ කිසියම්ම සැලකිය යුතු ක්‍රමවේදයක් සජිත් තුල හෝ රනිල් තුල දැනෙන තරමට නොමැතිබව මගේ හැඟීමයි. එහෙත් මේ පාවෙන චන්ද දිනාගැනීමට අනුරගේ ආකර්ශනීය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය බොහෝවිට සමත්වනු ඇත.
කෙසේ වෙතත් අනුරගේ කැම්පේන් එකද මේවනවිට ලබාගතයුතු චන්ද ලබාගෙන හමාරබව මගේ තවත් උපකල්පනයකි. මින් ඉදිරි සතිවල අනුරට තවදුරටත් චන්ද එකතු වන්නේ ඉතාමත් හෙමිනි.( පාවෙන චන්ද හැර). නමුත් සජිත්ට සහ රනිල්ට මේ තත්වය මීට වෙනස්ව බලපානු ලබයි. ඔවුන් තවම තම කුඹුරුවල අස්වැන්න හරිහැටි නෙළාගෙන නොමැති වන්නටද පුළුවන. ඔවුනට ඒ අස්වැන්න අවශ්‍ය නම් තවමත් හරිහැටි නෙළාගැනීමට ආසන්න ලෙස සති 4ක කාලයක් ඇත. මේ අනුව බැළූකල කිසිවෙකුට පළමුවටයෙන්ම ලක්ෂ 70 කුත් එක චන්දයක් දිනීමට බොහෝවිට නොහැකිවනු ඇත. එනම් 50% ක් ගැනීමට හැකියාවක් නොහැකිවිය හැක.
නමුත් මා සිතන අයුරින් දෙවන මනාපය විශාල ප්‍රමාණයක් පාවිච්චි නොකරන නිසා පළමු වටයෙන් ලක්ෂ කීපයක් ඉදිරියෙන් සිටිනා පළමු අපේක්ශකයාටම දෙවන මනාප වටයෙන්ද ඉතා පහසුවෙන් ජයග්‍රහනය කලහැකිවනු ඇත. ඒ අනුව අදවනවිට මේ පවතින තත්වය එසේම ගියහොත් අනුර දිසානායකට පළමු වටයෙන් 50% ක් ගැනීමට නොහැකි උනද ඔහු දෙවැනි අපේක්ශකයා ට වඩා ලක්ෂ 6ක් හෝ 7 ක් හෝ ඊටත් වැඩියෙන් ලබාගැනීමට ඉඩඇති බැවින් ඔහුට දෙවන මනාපයෙන් ඒහැටි බාධාවක් එල්ල නොවී සැප්තැම්බර් 22 වනදා දිවුරුම් දීමේ අවස්ථාව උදාවනු ඇත.( එසේම අනුරට පළමු මනාපයෙන්ම 50% ගැනීමේ අවස්තාවද බැහැර කල නොහැක. ඊටද යම් සැලකිය යුතු විශාල ඉඩකඩක් පවතී)
එහෙත් මා ඉහත දැක්වූයේ මැතිවරණ කැම්පේන් එකතුල තත්වයයි. ඒ තුල දැනට පළමු තැන අනුරත්, දෙවන තැන සජිතුත්, තුන්වන තැන රනිලුත් ස්ථානගත වී ඇති ආකාරයයි (මේ සතිය වනවිට එනම් මැතිවරනයට දින 27 ක් පමණ තිබියදී). නමුත් වැඩපිලිවෙල අතින් මැතිවරණය තුල ඉදිරියෙන්ම සිටින්නේ රනිල් වික්‍රමසිංහ බව මාගේ හැඟීමයි. මක්නිසාදයත් රටතුල ඉතාමත් දරුණු අර්බුධයක් හමුවේ ඉන් සෙමෙන් සහ ක්‍රමානුකූලව රට ඉදිරියට ගෙනඒමේ සහ රට බංකොලොත් භාවයෙන් මුදවාගැනීමේ ප්‍රශංසාව ලබාගත්තේ රනිල් විසිනි.
කෙසේ නමුත් ලංකාව වැනි පසුගාමී රටවල විශේෂයෙන් දකුණු ආසියානු රටවල ජනතා බලය අපේක්ෂකයෙකු වටා ගොනුවන්නේ ඔහු හෝ ඇය කොතරම් පාලනයට දක්ෂද යන්න මතනොව ඒ ඒ අපේක්ශකයා වටා ගොනුවන රැල්ලක් මතය. ඊටපසු ඒ ඒ රැළිමත ගිනිකන වැටෙන අනෙකුත් ජනයා මගින් ඒ රැළිමතට ගොඩවීමෙන් අතිබහුතරය නිර්මාණය වී ඒ අතිබහුතරය “ජනතා වාදයක්” බවට පත්වේ. ඉන්පසු මේ ජනතාවාදය තුලින් වෙනත් කිසිම අපේක්ෂකයෙකුට කාටහෝ පක්ෂවීමටවත්, වෙනත් අයගේ වැඩපිලිවෙලක් අගය කිරීමටවත් ඒ ගැන අදහස් දැක්වීමටවත් ඉඩක් නොලැබේ. එසේ කරනු ලබන සියළුම දෙනා ද්‍රෝහීන් බවට පත්වේ.
එහෙත් මේ කියන බහුතරය බොහෝවිට නිවැරදි නොවන අතර රටම ආගාදයකට ඇදගෙන යාමට මේබලවේග බොහෝවිට සමත්වේ. ඉන් අනතුරුව ඊලඟ මැතිවරණයේදී කිසිවක් සිදු නොවුනාක් මෙන් මේ බහුතරය තවත් අපේක්ෂකයෙකු වටා රැල්ලක් ලෙස එකතුවේ. මෙය මේ රටවල්වල, ප්‍රියශාන්ත රාජපක්ෂ සහෝදරයාගේ වචනවලින් කියන්නේනම්, “ඉරණම්ගත ස්වභාවයයි”. එසේම මේ රටවල් වල චන්දයදීමට ප්‍රමුකතාවය දෙනු ලබන්නේ ඒ ඒ අපේක්ශකයා ඉදිරිපත් කරනුලබන වැඩපිලිවෙලනම් නොවේ. ඒ ඒඅපේක්ශකයාගේ පාර්ශවයන් ගේ මුඛරි කටවාචාලකම් හෝ බෙරිහන් දීගෙන වේදිකාවල පවත්වන කථාවල් වේ.
පසුගිය මැතිවරණය දක්වා මෙවැනි කයියනායකවරු බොහෝ දෙනෙක් විශාල ලෙස චන්ද සටන් මෙහෙයවනු ලැබීය. (විමල් වැනි). නමුත් ඔවුන් කවදාවත් පරාජයනොවන අතර පරාජයට පත්වන්නේ ජනතාවයි. අද රට පත්වී ඇති ඉතාමත් භයානක ආර්ථික අර්බුදය ගැන පොදු චන්ද දායකයාට වගේ වගක් නොමැත.ඔවුන් තවමත් වේදිකා මත බෙරිහන්දී දෙනුලබන චන්ද පොරොන්දු දුසිම් ගණන් පිළිබඳ අන්ධ විශ්වාසයෙන් ඒවාට මෝහනය වී චන්දය දෙනු ලබයි.
මා නවසීලන්තයේ මැතිවරණ 6 ක පමණ චන්දය ප්‍රකාශ කොට ඇත. මෙහි චන්ද දායකයින් බොහෝවිට දේශපාලකයින්ගේ කටවල් කෙරේ විශ්වාසය නොතබන අතර ඔවුන් වැඩපිලිවෙල ගැනත්, බලය ගැනීමට ඒ ඒ තැනැත්තාට ඇති සුදුසුකම් සහ අත්දැකීම් පිළිබඳව විශාල ලෙස විශ්වාසය පලකරයි. ඒ තුලින් ඔවුන් සුදුසු අපේක්ශකයා ඔවුන් පත්කරගනු ලබයි. එසේම ඔවුනට තමන්ගේ පක්ෂයක් කියා කිසියම් පක්ෂයක් නොමැති අතර ඒ ඒ මැතිවරණයේදී ඔවුන් ඒ ඒ අපේක්ශකයා සහ පක්ෂයේ වැඩපිලිවෙල අනුව ඒ ඒ පක්ෂයට සහාය දීමට තීරණය කරනු ලබයි. නමුත් ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්බව අමුතුවෙන් කිවයුතු නොවේ.
එබැවින් මේ ජනාධිපතිවරණය ජයග්‍රහනය කරනු ලබන තැනැත්තාට අතිවිශාල වූ භාරධූර වගකීම් සමුදායක් ඉටුකිරීමට සිදුවේ. ඒ සඳහා ඔවුන්ගේ ඇති වැඩපිලිවෙලවල් සලකාබැලූකල ඒවා පවතින අර්බුධය සමහන් කරගැනීමට එතරම් ඉවහල් වන්නේදැයි සැකසහිතය. එබැවින් මට තේරෙන අයුරින් පත්වන තැනැත්තා බොහෝවිට අවුරුද්දක් හෝ ඊට මදක් වැඩිකාලයකදී විශාල අර්බුදයකට යාමටද බොහෝවිට ඉඩ ඇත. මේ වසර අගසිටම නැවත ණය ගෙවීමට සිදුවේ. 2027 වනවිට නැවතත් අතිවිශාල ණයවාරික ගෙවීමට සිදුවේ. එහෙත් චන්දය සඳහා බොහෝ අපේක්ෂකයන් වෙත ඇත්තේ ජනතාවට දෙන “සහන” මිස මේ ඉදිරියට එන අර්බුදය විසඳීමේ පිලියම් නොවේ.
එබැවින් මේ ජනාධිපතිවරණය සඳහා ඒම බලවේගවලට එකතුවී ඇති ආකර්ශනයට, ඔවුන් බලයට පත්වුවහොත් රටේ අර්බුධය ගොඩගැනීමට ඇති හැකියාව ප්‍රතිලෝම බවද මෙහිදී කිවයුතුය. තවත් අයුරකින් කියන්නේනම් බොහෝවිට රටක ආර්ථික අර්බුදයක් යම්තාක් දුරකට හෝ ගොඩගතහැකි වන්නේ ඒ ඒ රටක ජනතාවාදී නායකයෙකුට නොව ජනතාවගේ අපකීර්තිය හිමිවූ නායකයෙකුටය. මීට හේතුවනම් රටගොඩ ගැනීමේ ක්‍රියාමාර්ග අතිශයින් ජනතාවාදී ඒවා නොව බහුතරය ඉතා අකමැති ඒවා වීමය. ඒගැන ජනතාවටද හැඟීමක් නැතුවාසේම අපේක්ශකයින් බොහොමයකටම කිසිදු හැඟීමක් ඇතිබවක් නොපෙනේ.
එසේම මේ අර්බුදය ගැන වැටහීමකින් සහ එය කළමණාකරනය කිරීමට යම් තරමකින් සමත්වූ වත්මන් ජනාධිපති වරයාටද කිසිසේත් භූමිය මත ජනතා බලයක් ඇත්තේම නැත. මේ භූමිය මත ජනතා බලය ගොඩනැගුනේම පපුවට ගසාගනිමින් පොළොව ඉඹගෙන පැමිණි උඩුරැවුල් කරකවමින්, ජාතික ඇඳුමට බැස සාටක අටවාගත් ඊනියා දේශප්‍රේමීන් හට පමණි. ඇත්තටම රට ආගාධයේ පතුලටම ගෙනයාමටමේ ඊනියා දේශප්‍රේමීන් පමණක් නොව රටේ සියළු ජනතාවම වගකිවයුතුය. පාලකයින් පමණක් නොව ජනතාවම හැකි සෑම අයුරින්ම හොරාකනු ලැබීය. වංචා කරනු ලැබීය. වැඩපොලෙන් පෑන පවා හොරකම් කරනු ලැබීය, අනවශ්‍ය අතිකාල පඩි ගැනීම්, සේවය පැහැර හැරීම් ආදි සියළු දේ මේ ජනතාවම කරනු ලැබීය. දැන්මේ ආඬි හත්දෙනාගේ කැඳ හැලියක් වී ඇති ආර්ථිකයක් සහිත රටතුල එකිනෙකාට “හොරා” “හොරා” කියමින් තම තමන් තමන්ගේම වගකීම් වලින් අපූරුවට නිදහස් වීමට උත්සාහ දරනු පෙනේ. මේ අවාසනාවන්ත තත්වය රටේම ඉරණම වී ඇතිබවත් මේ මැතිවරනයයෙන් පසුවද රටේ තත්වය ඉදිරියට යාමේ අවස්තාවක් ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා විරල වියහැකිය.
එමනිසා මට හැඟෙන පරිදි ඔබට කීමට ඇත්තේ මේ මැතිවරණය තුල විශාල වශයෙන් ” සහන” ලබාදෙන බව පවසමින් ජයග්‍රහනය කරන කුමනහෝ අපේක්ෂකයෙකුට මේ පවතින උග්‍ර ආර්ථික අර්බුධයෙන් රටගලවා ගැනීම එතරම් පහසු නොවන බවයි. එසේම ජනප්‍රිය පොරොන්දු දේශපාලනය මෙවරත් කරලියට පැමින තිබුනද මේ පොරොන්දු දේශපාලනයෙන් අත්විඳි විපාක රටේ චන්ද දායකයින් චන්දය දීමට ප්‍රථම හොඳින් මෙනෙහි කරගත යුතුවේ.
ඒ කෙසේ වෙතත් මට තේරෙන අයුරින් නම් ලංකාවෙ අර්බුදය තව අවුරුදු ගණනාවකට විසඳෙන පාටක්නම් නොපෙනේ. මේ යන අයුරින් ඉදිරි කාලයේ එක් බලවේගයක් බලයට ආවිට අනෙක් පරාජයවුනු බලවේගය මාරාවේශයෙන් බලයට පත්වුනු බලවේගය පාලනයෙන් ඇදදැමීමට උත්සාහ කරනු ලබනු ඇත. ඇරත් පරාජයවුනු බලවේග ඔවුන් සතු වෘත්තීය සමිති හරහා නොයෙකුත් සහන සහ පඩි වැඩිකිරීම් ඉල්ලමින් පාලනය ගෙනයාමට බාදා පමුනුවනු ලබනු ඇත. එසේම රටතුල තවත් බොහෝ අරගල නිර්මාණය වීමට නියමිතය. මැතිවරණය වංචා සහගත ලෙස ජයග්‍රහණය කලේයැයි යන චෝදනාව රනිල් ජයග්‍රහනය කලහොත් අනිත් බලවේග දෙකෙන්ම රනිල්ට එල්ලවීමට නියමිතය. එසේම රනිල් ජයග්‍රහනය කලහොත් ඒ ජයග්‍රහනය කොම්පියුටර් ජිමික් ලෙස හැඳින්වීමටද ඉඩතිබේ.
එසේම ජාතික ජනබල වේගය ජයග්‍රහනය කලහොත් ඔවුන්ගේ ඉදිරි පාර්ලිමේන්තුවට පත්වන්නේ නවක මන්ත්‍රීවරු බොහොමයක් නිසා ඔවුනටද පාර්ලිමේන්තුව තුල සිදුකරන දේවල් සහ ඇමතිවරු ලෙස කටයුතු කරන ආකාරය පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට යම් සාධාරණ කාලයක් ගැනීමට සිදුවේ. මීට කලින් වතාවල ජවිපෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු ඔවුන් මන්ත්‍රීවරු ලෙස පත්වීමෙන් අනතුරුව ඔවුන් මන්ත්‍රීවරු ලෙස බොහෝ දෙනෙක් ඉතාම අසාර්ථක බවට පත්වූ බවද කිවයුතුය. මේ තත්වය සජිත් ගේ සජබෙටද එකසේ බලපානු ඇත. විශේෂයෙන් සජිත් ජනාධිපති වරයෙක් වුවහොත් ඔහුට ජනාධිපති ධූරයේ වගකීම් වැටහීමටද සෑහෙන කාලයක් ගතවනු ඇත.
ජනාධිපති රනිල්ගේ ඡන්ද සලකුණ ගෑස් සිලින්ඩරයඑසේම බොහෝ දෙනා රනිල්ව හඳුන්වන්නේ “කපටි නරියෙකු” ලෙස වුවද මගේ කියවාගැනීමේ හැටියට ඔහුව මට පෙනෙන්නේ කපටි නරියෙකු ලෙස නොව “හයිනා” කෙනෙකු ලෙසය. හයිනාවරුන්ගේ විශේෂත්වය නම් වෙනත් අයෙකුගේ දඩයමක් ඩැහැගැනීමට දක්වන අපූරු හැකියාවයි. පසුගිය ගෝල්ෆේස් අරගලයේ වාසිය දඩයම් කරගත් ආකාරයත්, පොහොට්ටුව උපයාගත් මුළු සංවිධාන ව්‍යුහයම දඩයම් කරගත් ආකාරයෙනුත් මේ බව මනාව පැහැදිලිවේ. කිසියම් අයුරකින් මේ ජනපතිවරණයෙන් රනිල් පරාජයට පත්වී ඊලඟට පත්වන පුද්ගලයා සහ එම බලවේගය වසරකින් පමණ අසාර්ථක වුවහොත් නැවත එම තත්වය රනිල්ට වාසිදායක වීමටද හැකියාවක් පවතී.
මේ අනුව රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරය ජනාධිපතිවරණය දක්වා පමණක් නොව රට ඉදිරියේදී පත්වන නායකයාට රට කළමණාකරනය කරගැනීමේ හැකියාවක් පෙන්නුම් කිරීම දක්වා දිවයන්නකි. මක්නිසාද යත් නැවතත් ගෑස්, තෙල් හිඟවී නැවතත් රට බංකොලොත් වීමේ අභාග්‍ය සම්පන්න තත්වයක් ඇතිවුවහොත් රනිල්ගේ චන්ද ලකුණ වන ” ගෑස් සිලිංඩරය” වෙත කලින් නොලැබූ වටිනාකමක් ඇතිවීමටද ඉඩකඩ ඇත. මේ අයුරින් මැතිවරණයෙන් පසුව වුවද රට බොහෝ අවදානම් කලාපයකට වැටීමට ඇති ඉඩකඩ ගැනද ඔබවෙත අනතුරු හැඟවීමට ඒගැන අවබෝධයකින් සිටින ලෙසද ඔබට දැනුම් දීමට මට අකමැත්තෙන් වුවද සිදුවේ.
~ රංජන සේනානායක
සමාජ හා දේශපාලන විශ්ලේශක
(අධ්‍යයන කවය)
” 89- සහෝදරත්වය”
RN