ලංකාවේ පළමු වරට අපි පිරිසිදු ආණ්ඩුවක් හදනවා – අනුර

Date:

කොළඹ LNW:ලංකාවේ පළමු වරට පිරිසිදු ආණ්ඩුවක් හදන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

සිය ආණ්ඩුව තුළ සිදුඅක්රන සියලුම දේශපාලන පත් කිරීම් විෂය ගැන දන්නා, අවංකභාවය සහිත අදුෂිත කණ්ඩායමකින් සමන්විත වන බවයි ඔහු පැවසුවේ.

”සාගල ජනාධිපති උපදේශක අයියා ලංකා බැංකුවේ සභාපති. මේවා ආණ්ඩුද? අර්ජුන රණතුංග වරායේ ඇමති වෙනවා. ධම්මික රණතුංග වරායේ සභාපති වෙනවා. ඒ අර්ජුන තෙල් භාර ඇමති වෙනවා. අර ධම්මික තෙල් සංස්ථාවේ සභාපති වෙනවා. ආණ්ඩුද මේවා. කථානායක පාර්ලිමේන්තුවේ මහ පුටුවේ වාඩි වෙනවා. පුතා ලොතරැයි මණ්ඩලයේ සභාපති වෙනවා. ප්‍රසන්න රණතුංග UD එකේ ඇමති වෙනවා. බෑණා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට පාලනය වෙන හෝටලයේ සභාපති වෙනවා. වොර්ටස් එජ් හෝටලයේ. මොකද වෙන්නේ. මේවා ආණ්ඩු නෙවෙයි. රටේ සම්පත්,දේපළ තමන්ට රිසි ආකාරයෙන් බෙදා ගැනීම සඳහා එකතු වෙන රංචු. මේවා ආණ්ඩු නෙවෙයි. අපි ආණ්ඩුවක් හදමු. ඔයාලට සහතිකයක් දෙන්නම්. අපි කැබිනට් මණ්ඩලය හදනවා ඒකෙ විෂය පිළිබඳ අවබෝධය තිබෙන ඒ විෂය පිළිබඳ අත්දැකීම තියෙන, අවංකභාවය තිබෙන, අදුෂිත,වැඩේ කිරීම සඳහා විශ්වාසය තිබෙන කණ්ඩායමක් කැබිනට් මණ්ඩලය බවට පත් කරනවා. අන්න ඒක තමයි ආණ්ඩුව. අපි පත්කරන දේශපාලන පත්කිරීම් සියල්ල කරන්නේ ඒ විෂය පිළිබඳ දන්නා,අවංකභාවය තිබෙන අදුෂිත කණ්ඩායම්. ලංකාවේ පළමුවැනි වතාවට ආණ්ඩුවක් හැදෙනවා පිරිසිදු ආණ්ඩුවක්.” යනුවෙන් දිසානායක මහතා ප්‍රකාශ කරන කරන ලදී.

මේ මේ බව පැවසුවේ පොල්ගහවෙල ජාතික ජන බලවේගයේ ජන හමුව අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...

කෙහෙළියගේ පවුල ගොණු කළ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභා වෙයි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත්...