ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර නැවත වරක් සටන් ඇවිලේ

Date:

සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 26 : ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : 2006 දී ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර පූර්න පරිමාණ යුද්ධයෙන් අනතුරුව නැවත වරක් දෙපාර්ශවය අතර යුද්ධය ඇවිලී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ(25)දිනය වන විට ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් දකුණු ලෙබනනය හරහා හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාරක ජෙට් යානා 100ක් පමණ දියත් කර ඇති අතර මෑත කාලය තුළ ඊශ්‍රායලය දියත් කර මහාපරිමාණ ප්‍රහාරය මෙය බව විශ්වාස කෙරේ.

ඒ අනුව, ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ ප්‍රදේශ 40කට වැඩි ප්‍රමාණයක හිස්බුල්ලා රොකට් විදින බැරල් දහස් ගණනකට පහර දී විනාශ කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) තහවුරු කර තිබේ. මේ සම්බන්ධයෙන් ලෙබනනයේ රාජ්‍ය ජාතික පුවත් ඒජන්සිය වාර්තා කළේ ඊශ්‍රායල ගුවන් යානා Beaufort Castle, Bir Kalb ප්‍රදේශය සහ Ain Qana, Kfar Fila, Louaizeh, Bsalia, Kfar Melki, Sajd සහ Sarba යන නගරවල තදාසන්න ප්‍රදේශවලට පහර දී ඇති බවයි.

ඊශ්‍රයල ප්‍රහාරයෙන් අනතුරුව හිස්බුල්ලා සංවිධානයේ හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා නිවේදනය කර තිබුණේ, ඊශ්‍රායල් ප්‍රහාර හා පසුගිය ජුලි 30දා බේරූට්හි ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගිය ජ්‍යෙෂ්ඨ හමුදාපති ෆුවාඩ් ෂුක්ර් ඝාතනයට ප්‍රතිචාරයක් වශයෙන් පුර්ණ පරිමාණ ප්‍රහාරයක් සංවිධානය කරමින් ඊශ්‍රායලයේ හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර රොකට් සහ මිසයිල 300 කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බවයි.

ඒ අනුව, ඊශ්‍රායල හමුදා මධ්‍යස්ථාන 11ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවත්, අල්ලාගෙන සිටි ගෝලාන් කඳුකරයට කැටියුෂා රොකට් 320කට වැඩි ප්‍රමාණයක් දියත් කළ බවත්ය. දෙපාර්ශවයෙන්ම මරණ වාර්තා වී ඇත්තේ සුළු ප්‍රමාණයකි.

හිස්බුල්ලා යනු හමාස් සංවිධානයට වඩා බලවත් බලවේගය සංවිධානාත්මක මෙන්ම යුධ ශක්තියෙන් ඉහල මිලිටරි සංවිධානයක් වන අතර එහි රොකට් 150,000 ක් පමණ ඇති බව ඇස්තමේන්තු කර ඇති අතර සමහර ඒවා ඊශ්‍රායලය පුරා ඉලක්ක කළ හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...