තවත් සංධානයක ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ!

0
504

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ අනුව ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපත් වතු ජනතාව වෙත ලබාදීම මෙහිදී සිදුකෙරුණි.

අරගල සන්ධානයේ විධායක සභික ලහිරු වීරසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණු අතර, ජන අරගල සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් සභාව නුවන් බෝපගේ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා ඇතුළු කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් දැක්වීම සිදුවිය.