අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර DIG රක්ෂිත බන්ධනාගාරයට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නිධන් හෑරීමට ආධාර අනුබල දීමේ චෝදනාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ සැප්තැම්බර් 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ශ්‍රාවස්තිපුර, තිඹිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල නිධන් හාරමින් සිටි 8 දෙනෙකු පසුගිය 15 වනදා අනුරාධපුර පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි. ඒ අතර ඉහත කී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ද විය. ඇය පොලීසියට පවසා තිබුණේ සිය නිවසට ආරක්ෂාවක් කරගැනීම සඳහා තමන් මෙම ස්ථානයට පැමිණි බවකි.

නිධන් හෑරීමට ආධාර අනුබල දීම සහ අත් අඩංගුවට පත් සිය බිරිඳ මුදාහරින ලෙස අනුරාධපුර පොලීසියට බලපෑම් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ ඊයේ (25) CIDය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවට වූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

විමල්‍ට වරෙන්තු!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : හිටපු ඇමති විමල්...

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...