රනිල් අධිකරණයට රැගෙන නොයාමට තීරණයක්: ‘සූම් ඔස්සේ සම්බන්ධ කර ගැනීමට පියවර’

Date:


රාජ්‍ය මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරෙහි නඩුව අද (අගෝස්තු 26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිත යි.

කෙසේ වෙතත්, අද දිනයේ නඩු විභාගය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණය වෙත රැගෙන යාමට නොහැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ බීබීසී සිංහල වෙත පවසා ඇති බව බීබීසී පුවත් සේවය පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, රනිල් වික්‍රමසිංහ සූම් ඔස්සේ නඩු විභාගයට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බව යි.

“අද ගෙනියන්නේ නැහැ. බොහෝ දුරට සූම් ඔස්සේ සම්බන්ධ කර ගන්න තමයි අපි හිතන් ඉන්නේ. වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුක්ත කමිටුවකින් තීරණය කරලා තියෙනවා දැඩි සත්කාර ඒකකයෙන් ගෙනියන්න එපා කියලා.”

දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් යටතේ සහ පොදු දේපළ පනත යටතේ වන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත්තේ ඉකුත් 22 වන දා යි.

එදින ම අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ඔහු අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

බීබීසී NEWS සිංහල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...