ප්‍රංශයේදී ලංකාවේ දුමිදුට සහ කාන්තා යුගල දෙකකට පරාජය

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW:


ප්‍රංශයේ පැවත්වෙන ලෝක බැඩිමින්ටන් සූරතාවලිය නියෝජනය කරන දුමිදු අබේවික්‍රම ලොව අංක 8 රැදී සිටින ජපන් ක්‍රීඩකයා වන කොදයි නරඔකා ඉදිරියේ දී ලකුණු 21-10 ,21-7 ඉදිරියේදී පරාජයට පත් වුණා.විනාඩි 26 ක කාලයක් තුළ දී මෙම තරගය නිමා කරන්නට කොදයි සමත් වෙනවා.


මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ ලාබාලතම තරගකරුවන් වූ 16 හැවිරිදි ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා ට ලොව අංක 32 ට ශ්‍රේණිගතව සිටින කාන්තා ක්‍රීඩක යුගලය වන ස්කොට්ලන්තයේ 27 හැවිරිදි ජුලී මැක්පර්සන් සහ 25 හැවිරිදි ක්ලේරා ටොරන්ස් ඉදිරියේ පරාජය වැළඳ ගන්නට සිඳු වුණා.විනාඩි 21 ක කාලයක් ගෙවුණු මෙම තරගයේදී ජුලී සහ ක්ලේරා ලකුණු 21 – 7 සහ 21 – 8 ක් ලෙස එම තරගය ජය ගන්නට සමත් වුණා.ලාබාල ඉසුරි සහ සිතුමි ද ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 108 ස්ථානයේ රැදී සිටිනවා.


මේ අතර ලොව කාන්තා ශ්‍රේණිගත කිරීම්වල අංක 101 ස්ථානයේ සිටින 25 හැවිරිදි හසින් අම්බල්ගොඩගේ සහ 26 හැවිරිදි හසාරා විජයරත්න, විනාඩි 31 ක් ගත වූ තරගයකදී ලොව අංක 56 ස්ථානයේ රැදී සිටින ප්‍රංශය නියෝජනය කරන 21 හැවිරිදි ටී මාර්ගරිටේ සහ 22 හැවිරිදි ෆ්ලේවි වැලට් වට 2-0 ක් ලෙස පරාජයට පත් කරනු ලැබුවා.එහිදී ලකුණු තත්ත්වය දැක් වුණේ 21 – 18 සහ 21 – 16 ක් ලෙසයි.හසාරා සහ හසින් ලෝක ශ්‍රේණිගත කිරීම්වලදී ඉදිරියට පැමිණෙමින් දැඩි අවධානයක් දිනා ගන්නට සමත් වුණේ ඉකුත් වසරේ අප්‍රිකානු මහද්වීපයේ පැවති තරගාවලි ගණනාවකදී දැක් වූ කැපී පෙණෙන දස්කම් නිසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ 29 තෙක් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: පසුගියදා අල්ලස් කොමිසම මගින්...

සමාජ මාධ්‍ය මඟින් අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීම පිළිබඳ BASL වෙතින් අනතුරු ඇගවීමක්!

කොළඹ LNW:අධිකරණ තීන්දු පිළිබඳ සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා...

ඉරානය යුදෙව් විරෝධී ප්‍රහාර මෙහෙයවන බවට ඕස්ට්‍රේලියාවෙන් චෝදනා..

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්,...

අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා – රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින්...