ඩීසල් මදි, ප්‍රවාහන ඇමති බුදි. බස් ධාවනය බාගෙකින් අඩු වෙනවා – ගැමුණු

Date:

ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම නිසා අද (26) දිනයේදී පෞද්ගලික බස් රථ ධාවනය 50%කින් අඩුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

“අද දිනයේත් අපට පූර්ණ වශයෙන් බස් ධාවනය කරන්න හැකියාවක් ලැබුණෙ නෑ, 75% – 70%ක් වගේ තමයි ධාවනය කරන්න පුළුවන් වුණේ. 20%ක් අදත් අඩු වුණා. හෙට (26) දිනයේදී 50%ට අඩුවෙයි. ඊයෙ දිනයේදීත් අපි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට සහ ඒ බලධාරීන්ට කතා කරලා කිව්වා අපට ඉන්ධන ටික ලබාදීමට කටයුතු කරන්න, පොදු ප්‍රවාහන සේවාවට ප්‍රමුඛත්වය දෙන්න කියලා. ලංගම ඩිපෝවලට තෙල් නැති වුණාට එළියේ පිරවුම්හල්වල ඉන්ධන තියෙනවා. අපට එතනින් හරි ගහගන්න හැකියාව තියෙනවා නම් අපට මේ දින කිහිපය තුළ බස් ධාවනය බාධාවකින් තොරව කරගන්න හැකියාව ලැබෙයි. අපේ අමාත්‍යවරයා නම් බුදි. අමාත්‍යවරයා නම් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්නෙ නෑ. අපට තමයි මේ සම්බන්ධයෙන් කතා කරලා බස් ටික ධාවනය කරන්න වෙලා තියෙන්නෙ”

ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...