*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

අධිකරණයට අපහාස කිරීම : සනත් නිශාන්තට එරෙහිව විමර්ශනයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුව ඇත්දැයි විමර්ශනය කර තමන්ට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

ඒ, පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් අරගලභූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ නඩුව පෙරේදා (24) කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයට දන්වා සිටියේ අධිකරණ කටයුතුවලට බලපෑම් සිදුවන ආකාරයේ ප්‍රකාශවලින් සහ ක්‍රියාකාරකම්වලින් වැළකී සිටින්නැයි විත්තිකරුවන්ට දැනුම් දී තිබියදීත් සනත් නිශාන්ත මහතා පසුගිය 23 වනදා පැවති මාධ්‍ය හමුවකදී නීතීඥවරුන් සහ ඇතැම් විනිසුරුවරුන් අරගලකරුවන්ට පක්ෂපාතී අයුරින් කටයුතු කළේයැයි පැවසූ බවයි.

එම ප්‍රකාශය සනාථ කිරීම සඳහා නීතීඥවරයා වීඩියෝ පටයක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව එම මාධ්‍ය හමුවේදී සනත් නිශාන්ත මහතා කළ ප්‍රකාශයෙන් අධිකරණයට හෝ එහි ක්‍රියාකාරීත්වයට අපහාසයක් සිදුව ඇත්දැයි විමර්ශනය කරන ලෙසත් ඒ සඳහා එම මාධ්‍ය හමුවේ සංස්කරණය නොකළ වීඩියෝ පට මාධ්‍ය ආයතන වෙතින් ලබාගන්නා ලෙසත් කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan