අර්බුදය පිළිබඳ අවධානයෙන් සිටින්න – මෙරට සිටින ඉන්දියානුවන්ට දැනුම්දීමක් !

Date:

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ඉන්දීය රජය, මෙරට සිටින ඉන්දියානුවන් වෙත දන්වා සිටිනවා. ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි මහතා මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින තත්වය සම්බන්ධයෙන් ඉන්දියාව දීර්ඝ කාලයක සිට විමසිල්ලෙන් පසුවන බවත්, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා නිරන්තරයෙන් තොරතුරු හුවමාරු කර ගන්නා බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසනවා.

මේ වනවිට යළිත් මෙරට තුළ ඉන්ධන අර්බුදය උත්සන්න වී ඇති අතර ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසාදමා තිබෙනවා. මීට අමතරව පසුගිය දිනවලදී දක්නට නොලැබුණු පෝලිම් යළිත් ආරම්භ වී තිබේ.

මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් අතුරින් වැඩි ප්‍රතිශතයක් ඉන්දියානුවන් වන අතර මෙරටදී විඳීමට සිදුවන අපහසුතාවලින් ඔවුන් ගලවා ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජය මෙම දැනුවත් කිරීම සිදුකර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...