අර්බුදය පිළිබඳ අවධානයෙන් සිටින්න – මෙරට සිටින ඉන්දියානුවන්ට දැනුම්දීමක් !

Date:

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ඉන්දීය රජය, මෙරට සිටින ඉන්දියානුවන් වෙත දන්වා සිටිනවා. ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි මහතා මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින තත්වය සම්බන්ධයෙන් ඉන්දියාව දීර්ඝ කාලයක සිට විමසිල්ලෙන් පසුවන බවත්, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා නිරන්තරයෙන් තොරතුරු හුවමාරු කර ගන්නා බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසනවා.

මේ වනවිට යළිත් මෙරට තුළ ඉන්ධන අර්බුදය උත්සන්න වී ඇති අතර ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසාදමා තිබෙනවා. මීට අමතරව පසුගිය දිනවලදී දක්නට නොලැබුණු පෝලිම් යළිත් ආරම්භ වී තිබේ.

මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් අතුරින් වැඩි ප්‍රතිශතයක් ඉන්දියානුවන් වන අතර මෙරටදී විඳීමට සිදුවන අපහසුතාවලින් ඔවුන් ගලවා ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජය මෙම දැනුවත් කිරීම සිදුකර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...