සටහන – රුවන් නෙළුගොල්ල
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
මෙම පෙත්සම ගොනුකර ඇත්තේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසිනි.
ඔහු එම පෙත්සමෙහි සඳහන් කර ඇත්තේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් ජනතා පරමාධිපත්‍යය හෝ අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වීමක් සිදුනොවන බවත් එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් ය.
22 වැනි සංශෝධනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් මේ වනවිටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් විස්සකට වැඩි ප්‍රමාණයක් ගොනුකර ඇත.


