මෙරට උසස් අධ්‍යාපනයේ අවසානය අත ළඟද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෝප් කමිටුවේදී කරුණු දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ , රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ නියාමන අයිතිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පවරා ගැනීමට කටයුතු කළහොත් එය මෙරට උසස් අධ්‍යාපනයේ අවසානය බවයි.

පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධිවල ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂා කිරීමේ නියාමන බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගැනීමෙන් පසු එහි නියාමනයක් සිදුනොවන බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන වෙලාවේදී ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරලා අවසානයේදී තමයි ඒ ආයතනවලට උපාධියක් පිරිනමන්න අවස්ථාව ලංකාව තුළ ලබාදුන්නේ.”
 
“නමුත් අවාසනාවකට 2012 දී ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට ලබාදී තිබූ බලතළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවත් දන්නේ නැතුව එය ලබා ගත්තා අමාත්‍යාංශය.”

“මේ අවුරුදු 13 ඇතුළත උපාධි පිරිනමන අවස්ථාව පිරිනැමුවට පස්සේ ඒක හරියට ක්‍රියාත්මක වනවාද යන්න බැලීමට කරන නියාමනය ලංකාවේ බිංදුවයි. අපේ quality assurance system එකක් අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට තියෙනවා.”

“එතකොට ඒක තුළ විශ්වවිද්‍යාලවලට කියලා තියෙනවා මෙන්ම මේ කරුණු කාරණා යටතේ ඔවුන්ව අපි විමර්ශනයට භාජනය කරනවා කියලා. ඒ කියන්නේ ලංකාවේ සෑම උපාධියක්ම අවුරුදු 5කට සැරයක් සෑම පීඨයක්ම සෑම විශ්වවිද්‍යාලයක්ම විමර්ෂණයට භාජනය කරනවා. පසුව ඔවුන්ගේ අඩුපාඩුකම් වාර්තාමය වශයෙන් ඔවුන්ට අපි ලබා දෙනවා.”

“ඔවුන් එවා අනිවාර්යයයෙන් හදන්න ඕනේ. එහෙම නැතිනම් ඔවුන්ට ලබාදෙන තත්ත්වය පහළට එනවා. දැන් ඔය තත්ත්වය ඇති වුණා නම් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඒක බරපතළ තත්ත්වයක්. දැන් මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බේරාගෙන ඉන්න එක තමයි මේ අපෙන් ගන්න යන්නේ.”

“එක ගත්තොත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලින්.. එක උසස් අධ්‍යාපනයේ අවසානය. මේක අපිට හදන්න අවස්ථාවක් එන්නේ නෑ.”

ලෙස ඔහු කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...

රනිල්ව අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාත් විරෝධය පළකරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්...

හිටපු ජනාධිපතිව මම දැන් බලලා ආවේ:වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: හිටපු ජනාධිපතිවරයාට විජලන තත්ත්වයක්...