කැලෑ ගිනි තැබීමට හා සතුන් දඩයම් කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර!

Date:

කොළඹ LNW: කැලෑ ගිනි තබන්නන්ට හා සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමති නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ වනාන්තර ගිනි තැබීම් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති අවස්ථාවේදී ය.

වනාන්තර ගිනි තැබීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද එහිදී යෝජනා විය.

ත්‍රිවිධ හමුදාව,පොලීසිය,සිවිල් ආරක්ෂක බලකාය,ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල,ප්‍රාදේශීය ලේකම් කාර්යාල,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුව,ඒකාබද්ධව දිස්ත්‍රික් මට්ටමෙන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට එහිදී යෝජනා විය.

වන රක්ෂිත ආරක්ෂා කිරීම හා කැලෑ ගිනි තබන්න පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය මගින් පාසල් දරුවන් දැනුවත් කිරීම එක් අරමුණකි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ග්‍රාමීය මට්ටමින් පිහිටුවා ඇති සිවිල් ආරක්ෂක කමිටු වල සහාය ලබා ගනිමින් වනාන්තර ආරක්ෂා කිරීමට හා ඒවාට හානි කරන්නන් පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීමට සහාය ලබා ගැනීමට කටයුතු කළයුතු බවයි අමාත්‍යවරිය තවදුරටත් පැවසුවේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත රජයේ නිලධාරීන්ගේ සහයෝගය ලබා ගනිමින් ග්‍රාම සේවා වසම් මට්ටමෙන් වනාන්තර ආශ්‍රිතව ඇති ගම්මානවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.

හදිසි අවශ්‍යතාවයකදී පළාත් පාලන ආයතනවල ඇති ගිනි නිවීමේ ඒකක වල සහයෝගය ලබා ගැනීමට ද එහිදී තීරණය විය.

කැලෑ ගිනි තැබීම් සතුන් දඩයම් කිරීම මෙම කාලය තුළ වැඩි වශයෙන් දැකිය හැකි අතර එසේ නීති විරෝධී කටයුතුවල නියැලෙන පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ඇතැම් මාධ්‍ය මගින් වැරදි තොරතුරු සමාජ ගත වන බවත් නිවැරදි තොරතුරු මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ජනතාව දැනුවත් නොකළහොත් සාවද්‍ය මත සමාජගත වන බවත් එය නිවැරදි කිරීමට නම් අදාළ ආයතන ප්‍රධානීන් සත්‍ය කරුණු ජනතාවට පැවසිය යුතු බවත් එහිදී අවධාරණය කෙරුණි.

වනාන්තර ආරක්ෂා කිරීම සඳහා යුද හමුදාව , විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානය,අදාළ පළාත් පාලන ආයතන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ඇතුළු ආරක්ෂක අංශවල සහාය ලබා ගැනීමටද නියමිතයි.

මෙම අවස්ථාවේදී ලැව් ගිනි නැවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ග ලෙස ගිනි පටි කැපීම සහ ජල සම්පීඩක යන්ත්‍ර යොදා ජලපාලනය සම්බන්ධයෙනුත් සාකච්ඡා විණි.

ඒ සඳහා අදාළ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...