*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ජල විදුලි නිෂ්පාදනය නවතීද?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පවතින වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය සියයට 15 දක්වා පහත වැටී ඇති බව ද වාර්තා වන අතර ,  පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ, තවත් සති 04ක කාලයකට බව ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි.

තාප විදුලි නිෂ්පාදනය හේතුවෙන් කප්පාදුවකින් තොරව මේ වන විට විදුලි බලය ලබා දීමට හැකියාව පවතින බව ද එම මණ්ඩලය කියා සිටී.

සමනල වැව ජලාශයේ ජල ධාරිතාව සියයට 01ක් දක්වාත් කාසල්රී ජලාශයේ ජල ධාරිතාව සියයට 21ක් දක්වාත් මාවුස්සාකැළේ ජලාශයේ ජල ධාරිතාව සියයට 35 දක්වාත් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව සියයට 25 දක්වාත් මේ වන විට පහත වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ, ගිගාවොට් පැය 300ක් පමණක් බව සඳහන් වන අතර , තාප බලාගාරවලින් සියයට 65ක ධාරිතාවක් දක්වා විදුලි නිෂ්පාදනය ඉහළ නංවා ඇති බව සඳහන්.

එසේම සෝලා භාවිතයෙන් සහ සුළං බලයෙන් සියයට 11ක පමණ විදුලි නිෂ්පාදන ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර ඇති බවද පැවසේ.

මේ අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන අතර , පවුල් 84,664කට අයත් පුද්ගලයන් 291,720 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු පළාතට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, එහි පවුල් 23,688 කට අයත් පුද්ගලයන් 75,607 දෙනෙකු පිඩාවට පත්ව ඇති බව සඳහන්.

නැගෙනහිර පළාතේ පවුල් 18,981කට අයත් පුද්ගලයන් 63,265 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර, සබරගමුව පළාතේ පවුල් 13,705කට අයත් පුද්ගලයන් 55,096 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇති අතර , වයඹ පළාත තුළ ද පවුල් 7,143කට අයත් පුද්ගලයන් 23,534 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද පවසයි.

මේ අතර, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොවිබිම් හානියට ලක්ව ඇති අතර, ගොවීන්ට ලබා දෙන වන්දි මුදල ඉහළ නැංවීම සඳහා තමා අමාත්‍ය මණ්ඩලයට යොජනාවක් ඉදිරිපත් කරන බවයි, අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan