සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මේ වනවිට වෛද්‍යවරුන් 800කට වැඩි පිරිසක් විදෙස් පුහුණුව ලබමින් සිටින අතර ,වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ තවත් වෛද්‍යවරුන් පිරිසක් ඉදිරි මාසවල දී විශේෂඥ පුහුණුව සඳහා විදෙස්ගත වීමට සුදානමින් පසුවන බව පැවසේ.
ඒ අනුව විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ වෛද්‍යවරුන් 785 දෙනෙකු පමණ ඉදිරි මාසවල දී විදෙස්ගත වන බව වාර්තා වී ඇති අතර කෙසේ වෙතත් දැනට විදෙස් පුහුණුව ලබන වෛද්‍යවරුන් රට තුළ පවතින තත්ත්වය හමුවේ යළි දිවයිනට පැමිණීම ගැටලු සහගත වී ඇති බවද පැවසේ.
වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් තවදුරටත් රට තුළ රඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන් සමඟ ද පසුගිය දා සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.
කෙසේ වෙතත් පුහුණුව සඳහා විදෙස්ගත වන වෛද්‍යවරුන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍යට කියා සිටියේය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
