අස්වැසුම ප්‍රතිලාභ බෙදා දීම සඳුදා සිට!

කොළඹ LNW: අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම එළඹෙන සඳුදා (28) දින ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මේ අනුව සියළු ගැටළු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට දීමනා පළමු අදියරේදීම ලබාගැනීමට අවස්ථාව උදා කර දී තිබේ.

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම පසුගිය (14) ආරම්භ කෙරුණි.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු උපදෙස් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කර තිබුණි.

අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව 217,000කි.

ASK