*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

මේක තමයි රට වෙනස් කරන ජනාධිපතිවරණය – හරිනි අමරසූරිය

කොළඹ LNW:අපට අවශ්‍ය වන්නේ සෑම දෙනෙකුටම තමන්ගේ අවශ්‍යතා පහසුවෙන් සපුරා ගත හැකි පොහොසත් රටක් බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.

දේශපාලන මැදිහත් වීම්වලින් තොර සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් ජාතික ජන බලවේගය විසින් දියත් කරන බවයි ඇය සඳහන් කරන්නේ.

දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගයට සැලැස්මක් තිබෙන අතර මැතිවරණ ආසන්න වන විට ජනතාව රවටන ව්‍යාපාරයක් නොවන බව ඇය අවධාරණය කරයි.

”ලබන 21දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් මේ රටේ 52%ක් වන ගැහැනුන්ගේ තෝරා ගැනීම, මාලිමාවේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයායි. ඒ වෙනුවෙන් අපි කැපවෙනවා. දේශපාලන භූමිය කාන්තා අපිට තහනම් කරලා වගේ තිබුණේ. නමුත් අපි මේ භූමිය අත්පත් කර ගැනීමට ජාතික ජන බලවේගයේ කාන්තාවෝ හැටියට අපි කොච්චර වෙහෙසක් දැරුවාද? ඒකෙ ප්‍රතිඵල තමයි මේ අපි දකින්නේ. ඒක ජාතික ජන බලවේගයේ පමණක් නොවෙයි අද ලාංකේය දේශපාලන භූමිය තුළ දැවැන්තම ශක්තිමත්ම එඩිතරම කාන්තා බලවේගය අපේ කාන්තා බලවේගය පමණයි. අද මේ දිහා බලා ඉන්නේ මෙතන ඉන්න දහස් සංඛ්‍යාත සහෝදරියන් පමණක් නොවෙයි. රට පුරාම අය අප දෙස බලාගෙන ඉන්නවා. ලොව පුරා සිට අප දෙස බලාගෙන ඉන්නවා. සියලු සහෝදරියන් වගේම සහෝදරයන්ගෙත් ශක්තිය අපට ලැබෙනවා.

අපි සියලු දෙනාගේම සාමූහික ශක්තියෙන් තමයි අපි මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ. මේක අපේ රට වෙනස් කරන ජනාධිපතිවරණය. මේ දේශපාලනයේ අපි නියැලෙන්නේ රටේ සහ අනාගත පරපුරරේ සුඛිත මුදිතභාවය වෙනුවෙන්. අපට ඕනෑ සෑම දෙනෙකුටම තමන්ගේ අවශ්‍යතා පහසුවෙන් සපුරා ගන්න පුළුවන් පොහොසත් රටක්. අපට ඕනෑ ගැහැනුන්ට ඇහුම්කන් දෙන නායකත්වයක්. ඇයට ගරු කරන නායකත්වයක් . අපිට අවශ්‍යයි අපේ දරුවන්ට බය නැතිව ඇඟිල්ල දිගුකර පෙන්නන්න මෙන්න නියම නායකයෙක් කියන කෙනෙක්. ආදර්ශවත් නායකයෙක් කියලා හදවතින්ම පෙන්නා දෙන්න පුළුවන් නායකයෙක් අපිට අවශ්‍යයි. දරුවන්ට හොඳ නරක කියලා දෙන්න නම් ඒවගේ දරුවන්ට පෙන්නන්න පුළුවන් නායකත්වයක් අපේ රටට අවශ්‍යයි.

මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තිස්නවදෙනෙක් ඉන්නවා. ඉන් කීදෙනක්ට කියන්න පුළුවන්ද මෙන්න නියම ආදර්ශවත් නායකයෙක් කියලා. එහෙම පුළුවන් එකම එක්කෙනා තමයි අපේ අනුර සහෝදරයා. මාලිමාවේ අපිට සැලැස්මක් තිබෙනවා. අපි ඡන්දයක් කිට්ටුවෙද්දී බොරු කියලා මිනිස්සු රවට්ටන ව්‍යාපාරයක් නොවෙයි. දරාගන්න බැරි ජීවන වියදම අඩු කරන්න, දරා ගන්න බැරි බෙහෙත් මිල තෙල් ගෑස් මිල අඩුකරන්න, බදු බර අඩුකරන්න, දරා ගන්න බැරි අපේ දරුවන්ගේ අධ්‍යාපන වියදම අඩුකරන්න අපිට සැලැස්මක් තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවලට පනවලා තිබෙන බදු අපේ ආණ්ඩුවක් යටතේ ඉවත් කරනවා. දේශපාලන මැදිහත් වීම්වලින් තොර සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් අපි දියත් කරනවා. අපේ ජීවිත සුරකින, දරුවන්ගේ ජීවිත සුරකින නීති පද්ධතියක් සහ ඒ නීති ක්‍රියාත්මක කරන ශක්තිමත් ආයතන පද්ධතියක් අපි ගොඩනඟනවා. අපි හදන්නේ ජනතා කේන්ද්‍රීය ආණ්ඩුවක්. ජනතාව හවුල්කර ගත්ත ආණ්ඩුවක්. සියලු පුරවැසියන් සතුටින් සිටින රටක් අපිට අවශ්‍යයි. එහි පළමු පියවර තමයි මේ රට නිවැරදි දිසාවට දේශපාලනිකව පරිවර්තනය කරන එක. මේ ජරා දූෂිත, දේශපාලනය වෙනස් කොට මේ රට සුබ දිසාවට හරවන දේශපාලන පරිවර්තනයකට ආරම්භක පියවර තැබීම සඳහා අපි සියලු දෙනාම එක්වී විශාල බලයකින් සැප්තැම්බර් 21 වැනැදාට අනුර සහෝදරයා ජනාධිපතිවරයා කිරීම සඳහා මාලිමාව ඉදිරියෙන් කතිරය ගසා අපේ යුග වගකීම ඉටුකරමු.” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan