අඩු ලකුණු තරගයේ වැඩි වාසි චමරිලාට

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 27, (LNW) කොළඹ :

කැරිබියන් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවති තරගයකින් ගයානා ඇමෂන් වොරියර්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 17 ක් ජයක් අත් කර ගන්නට බාර්බඩෝස් රෝයල්ස් වුමෙන් කණ්ඩායම සමත් වුණා.


ඉතා අඩු ලකුණු පූවරුවක් දකින්නට ලැබුණු මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා වොරියර්ස් කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.පළමුව පන්දුවට පහර දුන් රෝයල්ස් කණ්ඩායම පන්දු ඕවර් 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 101 ක් ලබා ගත්තා.එහිදී කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළේ ක්වානා ජෝෂප් ලකුණු 19 ක් ලබා ගත් අතර චමරි අතපත්තු ලකුණු 18 ක් රැස් කරන්නට සමත් වුණා.


බැලූ බැල්මට ලකුණු 101 රැක ගැනීම පහසු වුව ද,රෝයල්ස් කණ්ඩායම පන්දු යවන්නන්ට උචිත තණතීරුවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් පීඩනය වොරියර්ස් කණ්ඩායම වෙත හරවනු ලැබුවා.මේ දක්වා තරගාවලියේ පන්දු යැවීම සඳහා අවධානය යොමු කර නොතිබුණු චමරි අතපත්තු ආරම්භක පන්දු යැවීම සඳහා කැඳවන්නට තීරණය වී තිබුණා.

ඇය වොරියර්ස් ඉණිමේ පළමු කඩුල්ල දවා ගැනීමෙන් නොනැවතී නිසි එල්ලයට පන්දුව යොමු කරමින් ලකුණු 13 ට සිය පන්දු ඕවර් 4 සීමා කරනු ලැබුවා.ක්විනි ලකුණු 16 කඩුලු 3 ක් දවා ගත් අතර හේලි මැතිවිස් ලකුණු 14 ට කඩුලු 4 ක් දවා ගනිමින් රෝයල්ස් කණ්ඩායම මතු පිටින් නොපෙණුන ජයග්‍රහණයක උරුමකරුවන් වුණා.


වොරියර්ස් ඉණිමේ නතාශා මැක්ලීන් ලකුණු 20 ක් රැස් කරන්නට සමතු වූ අතර,ඔවුන්ට ජයග්‍රහණය ගෙන එන පිතිකාරිණිය එරින් බර්න්ස් ලකුණු 18 ක් රැස් කරන්නට සමත් වුණා.
තරගයේ ලකුණු පූවරුව පහතින් දැක්වෙනවා. https://es.pn/4cY0ijD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...