*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

මිලියන 22ක ජනතාවට ප්‍රතිලාභ බෙදා දෙන්න අපි සූදානම්!

කොළඹ LNW: “ඔබ වතුර උගුරක්වත් බලපොරොත්තු නොවුණාට අපි මේ ක්‍ෂේත්‍රයෙන් දිය ඇල්ලක් මවනවා. ඒ දියඇල්ලේ වතුර උගුරක්වත් අපි පෞද්ගලිකව බලාපොරොත්තු වන්නේ නැහැ. මේ රටේ මිලියන 22ක ජනතාවට ප්‍රතිලාභ බෙදා දෙන්න අපි සූදානම්.” යනුවෙන් ඊයේ (26) ජාතික ජන බලවේගයේ සංචාරක ප්‍රතිපත්තිය එළිදක්වමින් ලයන් රෝයල් හෝල්ඩින් සභාපති නිලාන් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හිදී එම අවස්ථාව සංවිධානය කර තිබුණේ.

ඒ අනුව ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ සංචාරක කර්මාන්තයේ නව පිබිදීමක් බලාපොරොත්තු වන බවටයි ඔහු පැහැදිලි කළේ.

”ජාතික ජන බලවේගයේ සංචාරක ප්‍රතිපත්ති එළිදැක්වීම දක්වා පැමිණි ගමන්මඟක් තිබෙනවා. හෝටල් සංගමයෙන් කරන ලද ආරාධනයක් උඩ අනුර දිසානායක මහතා සමග මුලින්ම කිංස්බරි හෝටලයේ දී හමු වී සාකච්ඡා කළා; ප්‍රශ්න කතා කළා. ඉන් අනතුරුව අප සකස් කර තිබෙන්නේ නිකම් දත්ත ගොඩගැසූ වාර්තාවක් නොවෙයි. රටේ සංචාරක කර්මාන්තයේ නියැළී සිටින කුඩාම ව්‍යවසායකයාගේ සිට ඉහළ දක්වා මුණගැසී රටේ විවිධ ප්‍රදේශවල දී තිබෙන ගැටලු හඳුනා ගත්තා. පාරිසරික සංචාරක කර්මාන්තයේ යෙදී සිටින අපට මෙම අවස්ථාවට ආරාධනා කර තිබීම විශාල ගෞරවයක්. මම සංචාරක ව්‍යාපාරයට ඇතුළු වන්නේ 1983 ජුනි මාසයේ. 1983 ජූලි මාසය වන විට සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ඇදවැටුණා. ඊට පස්සේ 1986 සිට දිගටම විවිධ බාධක මධ්‍යයේ හිතා ගන්න බැරි තරම් අසීරුතා විඳිමින් වැඩ කළා. කොහොම හරි කාගෙන ඉඳලා, යුද්ධය ඉවර වෙලා අවුරුදු දෙකක් යන කොට කාමර 50ක හෝටලයක් ඉදි කරන්න හැකි වුණා. අපි මහපොළොවේ හැදුණු, වැඩුණු අය මිස මහ ලොකු සල්ලිකාරයෝ නොවෙයි. ගයිඩිං කරන්න පටන් ගත්තේ, වෙන කෙනකුගෙන් සපත්තු දෙකක් ඉල්ලාගෙන. අවුරුදු හතළිහක් පුරා පයින් ආ ගමනක් වාගේ මහන්සියක් දැනෙනවා. සංචාරක ව්‍යාපාරයේ දියුණුව තිබෙන්නේ දේශපාලන ස්ථාවරත්වය, සමාජයීය ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය සහ සාමය මතයි. තිරසර ආර්ථිකයක් බලාපොරොත්තු වෙනවා නම්, ආයුධ හදන්න ඕනෑ නැහැ; සංචාරක ව්‍යාපාරය තුළින් උපදවන්න පුළුවන් ආදායම කියලා නිම කරන්න බැහැ. ලෝක ආර්ථිකයෙන් සියයට 10ක පංගුවක් සංචාරක ව්‍යාපාරය දරනවා. එය ඉදිරියට යන්න නම්, ප්‍රශ්න අඩු වෙන්න ඕනෑ.

කොවිඩ් වසංගතයත් එක්ක ලෝකයේ සංචාරක ව්‍යාපාරය බිංදුවට වැටුණා. නමුත්, මේ වන විට නැවත සියයට 90ක් නැඟිටලා ඉවරයි. නමුත්, ස්ථාවරත්වයක් නැතිකම නිසා ලංකාව මේ තත්වයට වැටුණා. සුනාමියෙන් අපි ඉක්මනට ගොඩ ආවත්, පාස්කු ප්‍රහාරය නිසා දිගටම ඇදෙන ප්‍රතිවිපාක පවතිනවා. ලෝකයේම සංචාරක ව්‍යාපාරය පවතින්නේ සුළු හා මධ්‍ය පරිමාණ විශාල පිරිසක් නිසයි. පුංචි මිනිසුන් කළ හෝටල් අවුරුදු දෙකක්, තුනක් වැසී තිබෙන කොට ඇති වන තත්වය හිතා ගන්න පුළුවන්. නමුත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අත දුන්නේ කවුරුන්ද? අපි මහා බරක් කර තියාගෙන මෙතැනට ඇවිත් ඉන්නේ. මුලින්ම අනුර කුමාර දිසානායක මහතා කිංස්බරි හෝටලයේ දී හමු වුණු වෙලාවේ අපට කීවේ, “ඔබේ ප්‍රශ්න අපට හොඳින් තේරෙනවා. අපේ ආණ්ඩුවක් යටතේ අවශ්‍ය පහසුකම් ලබා දෙනවා” කියලා. දේශපාලනඥයකුගේ කටින් පිට නොවන වචනයක් එතුමා කීවා. “අපි හැම දෙයක්ම කරනවා. පෞද්ගලික අංශයෙන් මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න. ඔයගොල්ලන්ගෙන් වතුර උගුරක්වත් අපි බලාපොරත්තු වන්නේ නැහැ” කීවා. සැප්තැම්බර් 21 වැනිදායින් පස්සේ අපි කතා කරමු. “ඔබ වතුර උගුරක්වත් බලපොරොත්තු නොවුණාට අපි මේ ක්‍ෂේත්‍රයෙන් දිය ඇල්ලක් මවනවා. ඒ දියඇල්ලේ වතුර උගුරක්වත් අපි පෞද්ගලිකව බලාපොරොත්තු වන්නේ නැහැ. මේ රටේ මිලියන 22ක ජනතාවට ප්‍රතිලාභ බෙදා දෙන්න අපි සූදානම්.” ඒ ප්‍රතිලාභ ඔබේ දෑතින් බෙදා දෙන්න අවස්ථාව ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.” යනුවෙන් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan