අපරාජිත කොළඹ දකුණට පරාජයක් – චනුල්ගේ තුන් ඉරියව් දස්කම් වලින් මහනුවරට පහසු ජයක්

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අවුරුදු 17 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී අපරාජිකව සිටි කොළඹ දකුණ කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක් ජයක් වාර්තා කරන්නට කොළඹ උතුර කණ්ඩායමට හැකි විය.මේ අතර මහනුුවර කණ්ඩායමට ගාල්ල කණ්ඩායම අභිබවා පෙරට එන්නට මහනුවර කණ්ඩායමේ චනුල් කොඩිතුවක්කුගේ තුන් ඉරියව් දස්කම් නිසා විශාල පහසුවක් විය.


කොළඹ කණ්ඩායම් දෙක අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් ලකණු සොයමින් සිටි එම කණ්ඩායම් නායකයා රෙහාන් පීරිස් යම් ප්‍රමාණයකට සාර්ථක වෙමින් ලකණු 33 ක් ලැබූ අතර ඔහු සහ සීමන් අනුහස් (35) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 සබදතාවයක් පැවත්වීය.


එහෙත් පළමු කඩුල්ල දැවී යමෙන් පසුව එක දිගට කොළඹ උතුර දෙසට තරගය හරවමින් කොළඹ දකුණු කණ්ඩායමේ සියලු දෙනාම ලකුණු 155 ට සීමා කරන්නට උතුර කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූහ.ශාවින් පෙරේරා ලකුණු 24 ට කඩුුලු 3 ක් දවා ගත් අතර මිනුග නෙත්සර ලකුණු 28 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් විය.කොළඹ උතුර කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වූ කව්ශික තිලකරත්න පන්දු ඕවර් 9 ක් යවා ලකුණු 21 ක් පමණක් දී කඩුලු 2 ක් දවා ගන්නට සමත් විය.


පිළිතුරු ඉණිමේදී කොළඹ උතුරට ලකුණු 155 අපහසු ඉලක්කයක් කරමින් කොළඹ දකුණ දැවන්ත ආක්‍රමණයක නිරත වුව ද,කවිත් ද සිල්වා හුදෙකලා සටනක නියැලෙමින් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස ලකුණු 60ක් ලබා ගනිමින් කණ්ඩායමේ මුළු ලකුණු සටහන 120 තෙක් රැදී සිටියේය.එසේම ලකුණු 155 ක් රැක ගැනීම සඳහා පන්දු යැවීමේදී පීඩනය නිරන්තරයෙන් රැක ගන්නටනම් අතිරේක ලකුණු දීම සිඳු ‍නොවිය යුතු වුව ද වයිඩ් පන්දු ලකුණු 14 ක් සමඟ අතිරේක ලකුණු 22 ක් කොළඹ උතුරට පරිත්‍යාග කරන්නට කොළඹ දකුණ කණ්ඩායම කටයුතු කිරීමත් ඔවුන්ට අවාසිදායක විය.මේ තත්ත්වය මත 39 වන පන්දු ඕවරයේ 5 වන පන්දුවේදී කොළඹ උතුරු කණ්ඩායමට සිය ලකුණු පූවරුව කඩුලු 7 ක් දැවී ලකුණු 158 ක් බවට පත් කර ගන්නට හැකි විය.


ඊට සමගාමීව පැවති මහනුවර සහ ගාල්ල කණ්ඩායම් අතර තරගයෙන් මහනුවර කණ්ඩායම ලකුණු 43 ක ජයක් ලැබීය.එහිදී මහනුවර කණ්ඩායමේ චනුල් කොඩිතුවක්කු ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් තබා ඇති අනාගත බලාපොරෙත්තුවලට සාධාරණයක් කරමින් පිත්තෙන් ලකුණු 62 ක් සහ පන්දුවෙන් ලකුණු 28 ට කඩුලු 3 ක් දවා ගනිමින් මහනුවර කණ්ඩායම වෙනු‍වෙන් ජයග්‍රහණය සඳහා පෙරමුණ ගත් ක්‍රීඩකයා විය.ඔහුගේ වටිනා ලකුණු 62 සමඟ මහනුවර කණ්ඩායම ලකුණු 204 ක් රැස් කරන්නට සමත් විය.


එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කිරීමේ ක්‍රියාන්විතය තුළ මහනුවර පළමුව සිඳු කළේ මේ තරගාවලියේ එකම ශතකලාභියා වන අරෝෂ සිතුමිණව ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රිඩා පිටියෙන් ඉවත් කිරීමය.එම වලකීම ඉටු කළ පන්දු යවන්නා වූයේද චනුල්ය.චනුල්ට අනගි සහයක් වෙමින් ජයෝද්‍ය කඩිගමුව ලකුණු 30 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.මේ පන්දු යැවීමේ බලපෑම මත ගාල්ල ඉණිම ලකුණු 161 ට සීමා විය.
ඡායාරූපයේ දැක්වෙන්නේ මහනුවර කණ්ඩායම කිංස්වුඩ් විද්‍යාලයෙන් එකතු වුණු තුන් ඉරියව් ක්‍රීඩක චනුල් කොඩිතුවක්කුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොලිස්පති දේශබන්දුට ඇප!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ : සැකපිට රක්ෂිත බන්ධනාගාරගත...

කාසියේ වාසිය සජිත්ට?

උපාලි කොළඹගේ රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමත් සමග මහ ගංවතුරක්...

ටේලර් ස්විෆ්ට් ට මල් ආකරයක වැදුණු මංගල සීනු!

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): "Your English teacher and...