ටේලර් ස්විෆ්ට් ට මල් ආකරයක වැදුණු මංගල සීනු!

සටහන – පුලී

අගෝස්තු 25, කොළඹ (LNW):

“Your English teacher and your gym teacher are getting married.”

එක් පෙළක සටහනක් සමඟින්, පින්තූර පහකින් යුත් ඉන්ස්ටග්‍රෑම් සටහනක් තම ගිණුමෙහි පළ කරමින්, ලෝක ප්‍රකට ගායිකා ටේලර් ස්විෆ්ට්, ඇමරිකානු පාපන්දු ක්‍රීඩක ට්‍රැවිස් කෙල්ස් සමඟ ඇගේ විවාහ ගිවිස ගැනීම නිවේදනය කළේ අන්තර්ජාලය කලඹවමිනි.

වසර දෙකක කාලයක් එකට පෙම් සුව විදි මෙම යුවළගේ නව ආරම්භය සමාජ මාධ්‍ය වේදිකාව තුළ කාගේත් කතා බහට ලක් වූ ටොප් නිවුස් එකක් වී හමාරය.

NFL තරුවක් වන කෙල්ස්, ස්විෆ්ට් දණ නමා ප්‍රපෝස් කරන අවස්ථාවේදී, එකිනෙකාගේ දෑස් දෙස බලා වැළඳ ගනිමින් සිටින අයුරු ඡායාරූපගත කර මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.


ගිවිස ගැනීමේ මුදුව පිළිබඳ කතා කළහොත්, ඇමෙරිකානු වාර්තාවලට අනුව මෙම මුද්ද Artifex Fine Jewellery වෙතින් මිලදී ගෙන ඇති අතර එහි වෙබ් අඩවියේ මුදු මිල ඩොලර් 29,000 (£21,506.26) පමණ ගණනකින් ආරම්භ වන බව සැලෙකේ.

රෝස මල්, ඇනිමෝන්, ඩෙල්ෆීනියම් සහ හයිඩ්‍රේන්ජා මල් වලින් සැරසුණු අලංකාර ස්ථානයක ඔවුන්ගේ ආදරය මෙසේ බෙදා ගත්හ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...