රනිල් වෙනුවෙන් සජිත්ගේ ස්තූතිය. චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න සහ සමන් රත්නප්‍රියට අලුත් වගකීම්!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට, නීතිඥවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, පොදු මහජනතාවට සහ ඒ සඳහා එක්ව කටයුතු කළ සියලු දෙනාටම සිය ස්තුතිය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් නායක සහ නියෝජිත හමුවේදී ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ මතු වූ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අභියෝගය ජයග්‍රහණය කිරීමට සියලු පාර්ශව සමඟ ඒකාබද්ධ අඛණ්ඩ වැඩපිළිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතාවය ද විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ නායකයින් ප්‍රකාශ කර සිටියේ විරෝධතාවට එක් වූ පිරිස් බිය ගැන්වීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම යෙදූ බවයි. එවැනි තර්ජනයකට ලක්වන පිරිස් සඳහා වහාම නීති ආධාර ලබා දීමට නීතිඥ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළේය. ඒ අනුව එම කණ්ඩායම සම්බන්ධීකරණය කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා නම් කරනු ලැබීය.

එමෙන්ම මෙම අවස්ථාවට සම්බන්ධ වූ දේශපාලන පක්ෂ මෙන් ම සිවිල් සංවිධාන ඇතුළු පුළුල් එකමුතුවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාව නම් කර තිබේ.

පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකාව තුළ නීතිය නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවට ප්‍රකාශ කළද වර්තමානයේ එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන සුව ඇමතිගෙන් වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්…?

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: වත්මන් කොළඹ ජාතික රෝහලේ...

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අති නවීනත ජංගම දුරකථන 955ක් සොයා ගැනේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා විදුලි සංදේශ...

රනිල් ගැන ජාත්‍යන්තර ස්ථාවරය මෙන්න!

කොළඹ LNW: කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක්...