රනිල් ගැන ජාත්‍යන්තර ස්ථාවරය මෙන්න!

කොළඹ LNW: කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධයක් දක්වා නොමැති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

රට තුළ නීතිය එකහා සමානව ක්‍රියාත්මක වෙන බවට ජාත්‍යන්තරය මේ වනවිට නිරීක්ෂණය කරමින් සිටින අතර විවිධ පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදුකර ඇති නමුත් ඒවා සැලකියයුතු කාරණා නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකාව තුළ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවුණද වර්තමානයේ එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බව හෙතෙම ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...