මන්ත්‍රී දොලවත්තගේ නිවසට පහර දුන් 06ක් අත්අඩංගුවට!

0
432

පසුගිය මැයි 09 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ කඩුවෙල නවගමුවේ පිහිටි නිවසට පහර් දුන් සහ දේපලවලට හානි කළ බව කියන පුද්ගලයින් 06ක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනුයි එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ 19,20,24 හා 29 වයස් වල පසුවන වැලිවිට හා හෝමාගම ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බව සඳහන්.

මෙම සැකකරුවන් අද (27) කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.