නැවතත් ශ්‍රී ලංකාව ලොව ඉහළින්ම ඔසවා තැබූ අපේ රුමේෂ් !

රෂිකා හෙන්නායක අගෝස්තු 27 , කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්හි යළිත් වරක් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.

ස්විට්සර්ලන්තයේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 88.14 ක දක්ෂතාවක් පෙන්නුම් කිරීම මෙම ජයග්‍රහණයට මූලික හේතුව වී තිබේ.

මෙම විශිෂ්ට දක්ෂතාවය නිසා ජර්මනියේ ජූලියන් බෙබර් පසුකර යමින් ප්‍රසාද ලකුණු 1,363ක් ලබා ගැනීමට ඔහුට හැකි විය.

මීට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනාගත් රුමේෂ්, වර්තමානය වන විට ජාත්‍යන්තර තලයේ ඉහළම දක්ෂතා අතර රැඳී සිටියි.

මෙම වාර්තාගත ජයග්‍රහණය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම මොකද වුණේ : ජාතික පද්ධති ක්‍රියාකරුගේ නිවේදනය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : ජාතික පද්ධති...

I DON’T COOK, I DON’T CLEAN” කියපු Cardi B ට ආච්චිලාගේ ගෙදරදී කොස්ස අතට ගන්න වෙයි! 

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): ලෝකයේ සුපිරි වේදිකාවල දහස් ගණනක්...