රෂිකා හෙන්නායක අගෝස්තු 27 , කොළඹ LNW :
දිවයිනේබස්නාහිර සහ සබරගමුව ඇතුළු පළාත් කිහිපයකට තද වැසි ඇති විය හැකි බවත්, ඇතැම් ප්රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්යම කඳුකරයේ බෑවුම් සහ තවත් දිස්ත්රික්ක කිහිපයකට පැයට කිලෝමීටර් 50 දක්වා වේගවත් තද සුළං ඇති වීමේ ප්රවණතාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියා සිටී.
ජනතාව අකුණු අනතුරු සහ සුළඟින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගත යුතු බවට අවධාරණය කෙරේ. සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියළි කාලගුණයක් අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැහැදිලි කරයි.
ඒ අනුව මහජනතාවට ඉදිරි කාලගුණ විපර්යාසයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.


