කැබිතිගොල්ලෑවේ ත්‍රිරෝද රථයක් හා කැබ් රථයක් ගැටීමෙන් බිළිදෙක් ඇතුළු තිදෙනෙක් මරුට!

කොළඹ LNW:කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගෝනමැරියාව පන්සල අසල දී අද (27) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් දින 10ක බිලිදෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

පදවිශ්‍රීපුර ප්‍රදේශයේ සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ අනුරාධපුර දෙස සිට කැබිතිගොල්ලෑව ප්‍රදේශයට ධාවනට වූ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් ත්‍රිරෝද රථයේ ‍රියදුරු, ඔහුගේ මව සහ දින 10ක කුඩා බිලිඳා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් පිරිස අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යමින් සිටියදී මෙම දරුණු අනතුරට මුහුණ පා ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...