ලොවම කම්පා කළ නේපාල ගංවතුර අනතුර:සංචාරකයින් 644ක් තවමත් අතුරුදහන්!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: අනපේක්ෂිත ආකාරයට නේපාලයට ඇති වූ ගංවතුර සහ මඩ නායේ යෑම හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය හමුවේ තවදුරටත් සංචාරකයින් 644ක් සම්බන්ධ කරගැනීමට නොහැකිව ඇතැයි නේපාල සංචාරක මණ්ඩලය පවසයි.

නේපාල සංචාරක මණ්ඩලයේ දත්ත අනුව ඉන්දියානු සංචාරකයින් 178 ක් පමණ නේපාල සංචාරකයින් 127 ක්, යුක්රේනියානුවන් 53 ක්, මැලේසියානුවන් 51 ක්, ඇමරිකානුවන් 65 ක්, ඕස්ට්‍රේලියානුවන් 35 ක් සහ එක්සත් රාජධානියේ ජාතිකයන් 33 ක් සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇති බව දැක්වෙයි.

අතුරුදහන් වූවන් සොයා එම ගලවා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකව පවතියි.

ගංවතුරෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයය වන ටිබෙටයේ පිහිටා ඇති කයිලාෂ් මන්සරෝවර් හි හින්දු වන්දනා ස්ථානය ජනප්‍රිය වන්දනා ස්ථානයක් වන අතර ජනප්‍රිය කඳු නැගීමේ ප්‍රදේශයක්ද වෙයි. එමෙන්ම ගොසේන් කුන්ඩා නම් ආගමික ස්ථානයක් ද ඇතුළත් වේ.

අනතුරින් පසු අද දිනය වන විට රසුවා දිස්ත්‍රික්කයේ සිට අසල්වැසි නුවාකොට් දිස්ත්‍රික්කයට සංචාරකයින් කණ්ඩායමක් බේරාගෙන රැගෙන විත් ඇති අතර තවමත් ඔවුන්ගේ ජාතිකත්වයන් තහවුරු කර නැහැ.

මේ වන විට ගංවතුර ආපදාව හේතුවෙන් සිදුව ඇති මරණ ගණන 177ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 33 දෙනෙකු රෝහල් තුළ ප්‍රතිකාර ලබන බව සඳහන්.

ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට මේ වන විට පොලිස් නිලධාරීන් 3,318 ක් යොදවා ඇති බව නේපාල වාර්තා පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා හදිසි...

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : ඉන්දියාවේ සිට මුහුදු...

කාඩ්පත් හිඟයක් : රියදුරු බලපත්‍ර 673,000ක් මුද්‍රණය කිරීම අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : මුද්‍රණ යන්ත්‍ර සහ...

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...