ඉස්ලාමාබාද් රෝහලක ගින්නකින් බිළිඳුන් 14 දෙනෙකු මරුට!

සටහන – පුලී

අගෝස්තු 27, LNW (කොළඹ): පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි මාතෘ හා ළමා රෝහල් ඒකකයක ඉකුත් බදාදා අලුයම ඇති වූ දරුණු ගින්නකින් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු මියගොස් තිබේ.

ගින්න හටගෙන ඇත්තේ Pakistan Institute of Medical Sciences (PIMS) රෝහලේ මාතෘ හා ළමා ඒකකයේ තෙවන මහලේ වායු සමීකරණ යන්ත්‍රයක බව වාර්තා වේ.

එම අවස්ථාවේ රෝහලේ සිටි බිළිඳුන් 15 දෙනාගෙන් දිවි ගලවා ගැනීමට හැකිවී ඇත්තේ එක් බිළිඳෙකුට පමණි.

සිද්ධිය ඇසින් දුටු Hivsa Walid පවසා ඇත්තේ තම සහෝදරයාගේ බිරිඳ දින කිහිපයකට පෙර දරුවෙකු බිහි කර තිබූ බැවින් ඇය සමඟ රෝහලේ සිටි බවයි. මුලින් කෙනෙකු කෑගසන හඬක් ඇසුණු අතර, පසුව දුම දුටු බව ඇය සඳහන් කළාය.

“අපි අපේ බඩු ගැන කිසිම දෙයක් හිතුවේ නැහැ. බිළිඳාව අරගෙන ඉක්මනින් පහළට දිව්වා. එය සිදුවුණේ කොහොමද කියලවත් අපිට තේරුණේ නැහැ. හැමදේම සිහිනයක් වගේ,” යනුවෙන් ඇය පැවසුවාය.

ගින්න හටගන්නා අවස්ථාවේ ඇතැම් මව්වරුන් එදින රාත්‍රියේම දරුවන් බිහි කර තිබූ බවද වාර්තා වේ. මියගිය බිළිඳුන්ගේ පවුල්, සහන සේවා පැමිණීමට පැය ගණනක් ගතවූ බවට ද චෝදනා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...

බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත්...