මාතර කෝටි හතක මත්ද්‍රව්‍ය වැටලීමෙන් අඹුසැමි යුවළක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 27 , කොළඹ LNW :

මාතර ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක සිදුකළ සාර්ථක වැටලීමකින් රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අඹුසැමි යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍යවලට අමතරව ජාවාරමෙන් උපයන ලද මුදල්, ඉලෙක්ට්‍රොනික තරාදි සහ ජංගම දුරකථන ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම යුවළ කාලයක සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම මෙහෙයුම මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...

බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත්...